Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිරිමාන්න ආපසු එයි

තිරිමාන්න ආපසු එයි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පිලේ මැද පිතිකරු ළහිරු තිරිමාන්න ආබාධයකට ලක්ව සිටීම නිසා පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. තිරිමාන්න අද (25) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයෙන් පසුව නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ටෙස්ට් සංචිතයට ද ඇතුළත්ව සිටින තිරිමාන්නට ටෙස්ට් තරගාවලිය ද අහිමි වේ.
තිරිමාන්නට ඇතිවී තිබෙන ආබාධය හේතුවෙන් අවම වශයෙන් සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව තිබේ. දෙවැනි එක්දින තරගයට පෙර පැවැති පුහුණු සැසියේ පන්දු රැුකීමේදී දකුණු කකුලේ වළලූකර ආබාධයකට ලක්වූ තිරිමාන්න ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කර තිබේ.

තිරිමාන්නගේ දකුණු වළලූකර මේ වන විටත් ඉදිමුණ තත්ත්වයක පවතින බවත් ස්කෑන් පරීක්‍ෂාවට අනුව අස්ථි පැලීම් තත්ත්වයක් ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පිලේ නිලධාරියකු පැවසුවේ තිරිමාන්නගේ වළලූකර ප‍්‍රදේශය අසාමාන්‍ය ලෙස ඉදිමෙන බවත් එය මේ වන විට ටෙනිස් බෝලයක තරමට පවතින බවත්ය.
අබුඩාබිවලට පැමිණ සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ තිරිමාන්නට තරගාවලිය අහිමිවන තත්ත්වයකට පැමිණ ඇති බවයි.

”අපි තිරිමාන්නව නැවත ශ‍්‍රී ලංකාවට යැවීමට කටයුතු කරනවා. මම හිතන්නේ ඒ වෙනුවට ක‍්‍රීඩකයකු ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නෑ. එම ස්ථානයට බොහෝ විට කුසල් ජනිත් වැනි ආරම්භක පිතිකරුවකු මෙහි රදවා ගැනීමේ අවස්ථාව තිබෙනවා. මේ පිළිබදව තේරීම් කමිටුව සාකච්ඡ කර අවසන් තීරණයක් ගත යුතුයි” යැයි සනත් ජයසරිය මහතා වැඩි දුරටත් පැවසීය.

ළහිරු තිරිමාන්න මෙම තරගාවලියේ විස්සයි20 තරග දෙකට සහ පළමු එක්දින තරගයට ක‍්‍රීඩා කළේය. 24 හැවිරිදි තිරිමාන්න මේ වන විට ටෙස්ට් තරග 10 කදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 526 ක් රැස්කිරීමට සමත්ව තිබේ.

 


අදහස් (0)

තිරිමාන්න ආපසු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.