Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේදී අම්බලන්ගොඩ දේවානන්ද විදයාලයේ ඒ. ඩබ්ලිව්. ටමාදි කාවින්ද්‍යා ශූරතා 3 ක් දිනා ගනිමින් එම තරගාවලියේ දක්ෂතම කීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තාය.
ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කරනු ලැබූ මේ තරගාවලිය බණ්ඩාරගම ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේ පැවති අතර තරගාවලියට දිවයිනේ පාසල් රැසකම කණිෂ්ඨ මේස පන්දු කීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගීවූහ.
ඒ අතරින් ටමාදි කාවින්දයා වයස 15 න් පහළ බාලිකා, ශුරතාවත් 17 න් පහළ බාලිකා ශුරතාවත්, වයස 19 න් පහළ බාලිකා යුගල ශූරතාවත් දිනා ගත්තාය. එම තරගාවලියේ බාලිකා අංශය නියෝජනය කළ කිසිදු ක්‍රීඩිකාවකට මෙවැනි දක්ෂතාවයක් දැක්වීමට නොහැකි විය.
ටමාදි කාවින්ද්‍යාගේ මේස පන්දු පුහුණුකරු ලෙස ප්‍රවීණ මේස පන්දු උපදේශක කේ.එස්.ටී.ලක්ෂාන් මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.