Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අප්‍රිකානු පිල පාකිස්තානයට

දකුණු අප්‍රිකානු පිල පාකිස්තානයට

editorial - 2020 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 14 කට පසුව ටෙස්ට් සහ විස්සයි20 තරගාවලියක් සඳහා ලබන වසරේ ජනවාරී මස අගදී පාකිස්තානයේ සංචාරයක නිරතවන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එම සංචාරයට ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි20 තරග 3 ක් ඇතුළත් වේ.

දකුණු අප්‍රිකානු පිලේ පාකිස්තානු සංචාරය ජනවාරී 26 වැනිදා සිට පෙබරවාරී 14 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලිය සඳහා කරච්චි, රාවල්පින්ඩි සහ ලාහෝර්හී ක්‍රීඩාංගණ 3 ක් පමණක් යොදාගනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කරච්චිහිදී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය රාවල්පින්ඩිහිදී පැවැත්වේ. තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය

දකුණු අප්‍රිකානු කණ්ඩායමක් පාකිස්තානයේදී සහභාගිවන පළමු විස්සයි20 තරගාවලිය මෙය වන්නේය.

ජනවාරී 16 වනදා පාකිස්තානයට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු කණ්ඩායම පුහුණුවීම්වල නිරතවීමට පෙර නිරෝධායනය සඳහා යොමුවනු ඇත. ජනවාරී 26 වැනිදා කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර අභ්‍යන්තර සංචිත අතර පුහුණු තරගයට ඔවුන් සහභාගිවීමට නියමිතව ඇත.

පාකිස්තානය මෑත කාලයේ තවත් කණ්ඩායම් තුනකට සත්කාරකත්වය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන රටවල් එහි සංචාරය කර තිබේ.

බොහෝ රටවල් පාකිස්තානයට නැවත පැමිණීම සතුටට කරුණක් වගේ ආඩම්බරයක්. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ජාතියක්. මම ක්‍රීඩා කරන දිනවල එක් වරකට වඩා වැඩි වාර ගණනක් රට තුළ සංචාරය කළ අයෙකු ලෙස, පාකිස්තාන වැසියන් ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම මෙන්ම කණ්ඩායමක් ලෙස දකුණු අප්‍රිකානුවන්ට ලැබෙන ආදරය හා සහයෝගය ගැන මම දන්නවා යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රේම් ස්මිත් මහතා පැවසීය.

මීට සති කිහිපයකට පෙර සංචාරයේ ආගන්තුක සත්කාර සහ විනිවිදභාවය ගැන දැනුවත් කිරීම පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට අපි ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ සොයාගැනීම් හා නිර්දේශයන් පිළිබඳ වාර්තාව අපගේ කණ්ඩායමේ ආරක්ෂාව, ක්‍රීඩා කිරීම සහ නවාතැන් අවශ්‍යතා සපුරලා තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ යහපැවැත්මට ප්‍රමුඛතාවය දෙන බවට, සංවිධානයක් ලෙස අපට විශ්වාසයක් ලබාදී තියෙනවා. ඒ නිසා අපි මෙම ඓතිහාසික චාරිකාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ස්මිත් මහතා වැඩිදුරටත් පැවසීය.

දකුණු අප්‍රිකාව පාකිස්තානයේ සංචාරයක නිරත වන බවට සහතික කිරීමත්, ප්‍රධාන ක්‍රීඩාංගණ තුනකදී තරඟ පැවැත්වීමත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම රසිකයින්ට අපූරු ප්‍රවෘත්තියක් වෙනවා. දකුණු අප්‍රිකාව 2007 දී මෙහි අවසන් වරට ක්‍රීඩා කළද ඔවුන් පාකිස්තානයේ වඩාත් ජනප්‍රිය කණ්ඩායමක්. නමුත් රසිකයන් ඔවුන්ගේ දස්කම් සමීපව දැකගැනීමට සූදානමින් පසුවන අතර දැන් ඔවුන්ව පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි පාකිස්තාක ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ සකීර් ඛාන් මහතා පැවසීය.

ඉතා දිගු කාලයකට පසු 2021 වසර පාකිස්තානු ක්‍රිකට් ලෝලීන්ට වඩාත් ආකර්ෂණීය හා ප්‍රීතිමත් වසරක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව අපි නවසීලන්තය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට සත්කාරකත්වය සැපයීමට බලාපොරොත්තු වෙනවා. දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, එංගලන්තය, ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වලට එරෙහිව පාකිස්තානයෙන් පිටතදී තරගාවලි කිහිපයක් පැවැත්වීමට නියමිතව තියෙවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පාකිස්තානු සංචාරයේ තරග කාලසටහන

ජනවාරී 26 සිට 30 - පළමු ටෙස්ට් තරගය, කරච්චි නුවරදී
පෙබරවාරී 4 සිට 8 දක්වා - දෙවැනි ටෙස්ට් තරගය, රාවල්පින්ඩිහිදී
පෙබරවාරී 11 - පළමු විස්සයි20 තරගය, ලාහෝර්හිදී
පෙබරවාරී 13 - දෙවැනි විස්සයි20 තරගය, ලාහෝර්හිදී
පෙබරවාරී 14 - තෙවැනි විස්සයි20 තරගය, ලාහෝර්හිදී
 

-2079 


අදහස් (0)

දකුණු අප්‍රිකානු පිල පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.