Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අප‍්‍රිකාව දෙවැනි ජයත් ලබයි

දකුණු අප‍්‍රිකාව දෙවැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් වල සහභාගීත්වයෙන් සිම්බාවේහිදී පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් සිම්බාබ්වේ පිල පරදවා ලකුණු 61 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප‍්‍රිකානු පිල ඊයේ (29 වැනිදා) සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට  ඕවර 38.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 170 ක් පමණි.
එහිදී සිම්බාබ්වේ පිලේ පිතිකරුවන් 5 දෙනකුට හැර අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට දකුණු අපි‍්‍රකානු පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ.

ඬේල් ස්ටේන් සහ රයන් මැක්ලරන් කඩුලූ 3 බැගින් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම අඩපණ කලහ.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක එල්ටන් චිගම්බූරාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු පිල,  ඕවර 49.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 231 ක් රැස්කළේය.

එහිදී නායක හෂීම් අම්ලා (66) සහ කඩුලූ රකින කී‍්‍රඩක ක්වොන්ටම් ඩි කොක් (76) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 146 කදී ලකුණු 142 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

කඩුලූ ති‍්‍රත්වයක්ද සමගින් ලකුණු 36 කට කඩුලූ 5 ක් දවාගත් දකුණතින් දඟ පන්දුයවන කී‍්‍රඩක ප්‍රොස්පර් උට්සෙයා තරගයේ වීරයා බවට පත්විය.


දකුණු අප‍්‍රිකානු පිල -  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 231
(හෂීම් අම්ලා 66, ක්වොන්ටම් ඩි කොක් 76, ඉම්රාන් තහීර් නොදැවී 23, ප්‍රොස්පර් උට්සෙයා 36/5, ජෝන් නියුම්බු 42/3, ටෙන්ඩායි චටේරා 28/2)

සිම්බාබ්වේ පිල -  ඕවර 38.3 කදී සියලූ දෙනා දැවී 170
(සිකන්දර් රාසා 35, හැමිල්ටන් මස්කඞ්සා 25, සීන් විලියම්ස් 46, මැල්කම් වෝලර් 20, එල්ටන් චිගම්බූරාගේ 22, රයන් මැක්ලරන් 24/3, ඬේල් ස්ටේන් 36/3, ඒරන් පංගිසෝ 33/2)


- 036


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව දෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.