Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන් කළබලයට පත්කිරීම තමන්ගේ උපාය වූ බවත් එය ඉතාමත් හොඳින් කි‍්‍රයාත්මක වූ බවත් දකුණු අපි‍්‍රකානු විස්සයි/20 නායක ෆෆ් ඩු ප්ලෙසී පවසයි. ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැති වි:20 තරගාවලිය ජයගැනීමෙන් පසුව මාධ්‍ය නියෝජිතයන් හමුවූ ඩු ප්ලෙසී මෙසේ පැවසීය.
”මේගොල්ලන්ට අරුම පුදුම දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ට නිදහසේ පන්දු යවන්න දුන්නොත් ඔවුන් අපව සුද්දකරලා දාවි”
”එනිසා අපේ උපක‍්‍රමය වුණේ බිය නැතිව ඇවිදින් ඔවුන් කළබලයට පත්වන විදිහට පන්දුවට පහර දෙන්නයි. ඇතැම් විට කඩුල්ලක් දෙකක් දැවී යන්න පුළුවන් වුණත් අපේ උපක‍්‍රමයේ වෙනසක් වුණේ නෑ”යයි ෆෆ් ඩු ප්ලෙසී පැවසීය.
විස්සයි/20 තරග දෙකේදී තම පිතිකරුවන් අජන්ත මෙන්ඩිස් හමුවේ හොඳ දස්කම් පෙන්වූ බවද ඩු ප්ලෙසී පැවසීය.
මේ වන වට 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටින හෙයින් තම කණ්ඩායමේ එකම අභිප‍්‍රායය 3-0 ක් ලෙසින් තරගාවලිය අවසන් කිරීම බවද දකුණු අපි‍්‍රකානු නායකයා ප‍්‍රකාශ කළේය.
”එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අපට කිසිම අනුකම්පාවක් දැක්වූයේ නෑ. අපට හුස්ම ගන්නවත් නොදී 4-1 ක් ලෙසින් අපව පරාජය කළා”
”මේ තරගාවලියේදී අපිත් ඒ දේම කරන්නයි සූදානම. ඒත් ඔවුන් හොඳ කණ්ඩායමක් කියන එක අප අමතක කරලා නෑ” යයිද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් මීළඟ වි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ මාස කිහිපයක් බැවින් තුන්වැනි තරගයේදී කිසියම් අත්හදා බැලීම් කිහිපයක් කිරීමේ අදහසද දකුණු අපි‍්‍රකානු පිලට තිබේ. සූරියවැව කී‍්‍රඩාංගණයේ මේ දිනවල පවතින දැඩි සුළං සහිත තත්ත්වය තරමක් අපහසුකාරී වුවත් දකුණු අපි‍්‍රකානුවෝ ඒ ගැන නොතැවෙති. දැඩි සුළඟ හේතුවෙන් පන්දුවට පහර දීම මෙන්ම ගුවනේ ඉහළට ඇදෙන උඩපන්දුවක් රැකගැනීමද තියුණු අභියෝගයක් වෙයි.
”මේ කී‍්‍රඩාංගණයේ අතීත වාර්තාවෙන් කියන්නේ කාසියේ වාසිය දිනාගත්තා නම් පළමුවෙන් පන්දුවට පහර දෙනු කියලයි. සුළඟ නම් දෙපිලටම එකයි නේ” යයිද ඩු ප්ලෙසී පැවසීය.
දකුණු අපි‍්‍රකානු වි:20 කණ්ඩායමද විවිධ ආකාරයේ දක්‍ෂතා සපිරි කී‍්‍රඩකයන්ගෙන් ගහණ කණ්ඩායමකි. එක දිනයක පිත්තෙන් හෝ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වන කී‍්‍රඩකයාගේ කිසිදු සහයක් ඊළඟ දිනයේදී අවශ්‍ය නොවන තත්ත්වයක් එහි තිබේ.
පළමු වි:20 තරගයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ජේ. පී. ඩුමිනි ඊයේ තරගයේදී පන්දු යැවීමට පැමිණියේද නැත. වේන් පානෙල්ද ඒ ආකාරයේම කී‍්‍රඩකයෙකි. විටෙක ප‍්‍රචණ්ඩ පිතිකරුවකු වශයෙන් කටයුතු කරන පානෙල් පන්දුව වමඅතට ගත් විට භයාංකාර වේග පන්දු යවන්නෙකි.
දකුණු අපි‍්‍රකානු පිතිකරු ලයිස්තුවේ අංක 8 දක්වාම විශ්වාසය තැබිය හැකි පිතිකරුවන් වන අතර පන්දු යවන්නන්ගෙන්ද ඔවුන්ට කිසිදු හිඟපාඩුවක් නැත.
- දමින්ද විජේසූරිය සූරියවැව කී‍්‍රඩාංගණයේ සිට..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.