Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් මිනිත්තු දහය දක්වාම තම පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලකුණු දෙකකින් පමණක් පසුපසින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නීතිවිරෝධී ක්‍රීඩා රටාව නිසා ලද දඬුවම් ලකුණු සංඛ්‍යාව සිය වාසියට හරවාගත් සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අද (05 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 21-9ක ජයක් අත්කර ගැනීමට සමත්විය. සී.ආර්. පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 ක් ලබද්දී ගුවන් හමුදා පිලට දඬුවම් පහර 3 කින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය.
තරගයේ පළමු භාගය නිමාවනවිටත් ලකුණු 6-3 කින් ඉදිරියෙන් පසුවූ ගුවන් හමුදා පිල අවසන් මිනිත්තු දහය එළැඹෙද්දී සී.ආර්.පිලට වඩා පසුපසින් සිටියේ ලකුණු 11-9 කින් පමණි. එහෙත් තරගය නිමාවීමට මිනිත්තු 7 කට පමණ පෙර ලද ‘පැනල්ටි ට්‍රයි ‘එකක් සහ අවසන් මිනිත්තුවේ ලද දඬුවම් පහරක් නිසා තරගය එහෙම පිටින්ම උඩුයටිකුරු වූයේ සී.ආර්.පිලට ජයග්‍රහණය අත්කර දෙමිනි.
තරගයේ 8 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න ලකුණු 3-0 කින් ගුවන් හමුදා පිල ඉදිරියට ගෙන ගියේය. ඊට මිනිත්තු දහයකට පසුව තම පිලට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් තරින්ද රත්වත්ත ලකුණු සංඛ්‍යාව 3-3 කින් සම කරගත්තේය.
අනතුරුව 36 වැනි මිනිත්තුවේ තවත් දඬුවම් පහරක් සාර්ථක කළ චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිලට තරගයේ පළමු භාගයේ පෙරමුණ ගෙන දුන්නේ ලකුණු 6-3ක් ලෙසිනි.
ගුවන් හමුදා පිලට වඩා ලකුණු 3ක් පසුපසින් සිටිමින් දෙවැනි භාගය ආරම්භ කළ සී.ආර්.පිලට නැවත පෙරමුණ ගෙනදුන් චරන චාමිකර 49 වැනි මිනිත්තුවේදී තරගයේ පළමු උත්සාහක දිනුම තැබුවේය. එය තරින්ද රත්වත්තට සාර්ථකව ප්‍රවර්ථනය කිරිමට නොහැකිවූවත් ලකුණු 8-6කින් පෙරමුණ ගැනීමට සී.ආර්.පිලට හැකිවිය.
එහෙත් 60 වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න සී.ආර්.පිල පසුපසට ඇද දමමින් ගුවන් හමුදා පිල ලකුණු 9-8කින් ඉදිරියට ගෙන ගියේය. ඊට මිනිත්තු දෙකකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරගත් තරින්ද රත්වත්ත ලකුණු 11-9කින් සී.ආර්.පිලට පෙරමුණ ගෙන දීමට සමත්විය.
එසේ දෙපිල අතර දෝලනය වූ මේ තරගය එහෙම පිටින්ම කණපිට හැරුණේ 72 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා පිලේ ක්‍රීඩකයන්ගේ නීතිවිරෝධිි ක්‍රීඩා රටාව නිසා සී.ආර්.පිලට පැනල්ටි ට්‍රයි එකක් ලබා ලකුණු 18-9කින් ඉදිරියට යාම නිසාය. අවසන් මොහොතේ තරින්ද තවත් දඬුවම් පහරක් සාර්ථක කරමින් සී.ආර්. පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.