Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දඹුල්ල සැලසුම් සහගතව ඉදිරියට

දඹුල්ල සැලසුම් සහගතව ඉදිරියට

editorial - 2022 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවිශ්ක තරිඳු (40) සහ ජනිත් ලියනගේ (69) දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සාර්ථක සම්බන්ධතාව හේතුවෙන් පහසුවෙන්ම දඹුල්ල පසුකර ගිය යාපනය ක්‍රීඩකයෝ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 10 වැනි තරගයේ තුන්වැනි දිනය වූ අද (26 වැනිදා) තරගය නිමාවන විට කඩුලු 7 කට ලකුණු 354 ක් ලබා සිටියහ. කිසිවකු නොදැවී ලකුණු 45 ක් ලබා සිටියදී අද දිනයේ තරගය ආරම්භ කළ යාපනය කණ්ඩායම දිනය අවසන් කළේ දඹුල්ල පිලට වඩා ලකුණු 71 ක් ඉදිරියෙන් සිටිමිනි.

තවත් ඉතිරිව ඇත්තේ තරගයේ එක දිනයක් පමණකි.

පළමු දිනයේදී ඕවර 40 ක් පමණ අපතේ ගිය බැවින්, හෙට දිනයේදී පිතිකරුවන් තමන්ගේ කඩුලු නිකරුණේ වීසිකර දැම්මොත් මිස, තරගයේ ප්‍රතිඵලයක් අපේක්‍ෂා කිරීම අපහසුය. කෙසේ වෙතත් දැනට ප්‍රසාද ලකුණු 19.88 ක් ලබා සිටින යාපනය පිලට අවසන් පූර්ව තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට මෙම තරගයේදී මුල් ඉනිමේ ජයක් ලබාගැනීමත් ප්‍රමාණවත් වෙයි. දඹුල්ල පිල සතුවන්නේ ප්‍රසාද ලකුණු 13.22 ක් පමණි.

තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි යාපනය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 45 ක් ලබා සිටියේය. එතැනින් ආරම්භ කළ යාපනය ක්‍රීඩකයෝ පරෙස්සමෙන් මෙන්ම සැලසුම් සහගතව තම ගමන ගියහ. යාපනය පිතිකරුවන්ට හිසරදයක් වූයේ නම් ඒ මාලින්ද පුෂ්පකුමාර පමණි.

මේ වන විට පළමු පෙළ කඩුලු 800 ඉක්මවා සිටින වමත් දඟ පන්දු යවන්නා, කඩුලු 4 ක් දවාගත් නමුත් ඒ වෙනුවෙන් ඕවර 42 ක් පුරා වෙහෙසුණේය. වරෙක කඩුලු 5 කට ලකුණු 216 ක් වූ යාපනය ඉනිම, එතැන් සිට 354 ක් දක්වා ඉදිරියට ගෙන ඒමට අගනා මෙහෙවරක් කළ ජනිත් ලියනගේ, පන්දු 148 කට මුහුණ දෙමින් ඒවායින් 8 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඔහුගේ ඉනිම නිමා වන විට යාපනය ක්‍රීඩකයෝ අපේක්‍ෂිත ඉසව්වට පැමිණ සිටියහ.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 283
යාපනය පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 354

(නවෝද් පරණවිතාන නොදැවී 26, නිශාන් මධුෂ්ක 69, සමින්ද ප්‍රනාන්දු 52, ධනංජය ද සිල්වා 25, ගීත් කුමාර 26, ජනිත් ලියනගේ 69, අවිශ්ක තරිඳු 40, දිලුම් සුධීර නොදැවී 31, මාලින්ද පුෂ්පකුමාර 131/4)


අදහස් (0)

දඹුල්ල සැලසුම් සහගතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.