Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල ලයන්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින් සිය කණ්ඩායමේ නම සහ නිල ලාංඡනය නැවත වතාවක් වෙනස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දඹුල්ල ලයන්ස් කණ්ඩාාායම මෙතැන් පටන් දඹුල්ල වයිකිංග් ලෙස වෙනස් වනු ඇත.
මීට දින කිහිපයකට පෙර දඹුල්ල හෝක්ස් ලෙස තිබූ අතර පසුව එය දඹුල්ල ලයන්ස් ලෙස වෙනස් කරනු ලැබීය. දඹුල්ල වයිකිංග් පිලේ දේශීය සුවිශේෂී ක්‍රීඩකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර සමිට් පටෙල්, පෝල් ස්ටර්ලිං ලෙන්ඩ්ල් සිමන්ස්, සුධීප් ත්‍යාගී,බ්‍රෙන්ඩන් ටේලර් සහ ජෝන්සන් චාර්ල්ස් විදේශීය ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති.
මේ අතර කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය යටතේ තරග කරන මහනුවර ටස්කර්ස් පිලේ නිල ලාංඡනයද නැවත වරක් වෙනස් කිරීමට එහි හිමිකරුවන් පියවර ගෙන තිබේ. මීට පෙර එම ලාංඡනයේ තිබූ අසිපත් දෙක ඉවත් කර නව ලාංඡනය සඳහා ක්‍රිකට් පිති දෙකක් ආදේශ කර තිබේ.
ක්‍රිස් ගේල්, ලයම් ප්ලන්කට්, උල් හක්, ඉර්ෆාන් පතන් සහ රහ්මනුල්ලා ගුර්බාස් මහනුවර ටස්කර්ස් පිලේ විදේශීය ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති.
2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.