Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දරුවන්ගෙන් පැරා ක්‍රීඩා පදක්කම් 6 ක්

දරුවන්ගෙන් පැරා ක්‍රීඩා පදක්කම් 6 ක්

Nisanka Sandeepani - 2019 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බුඩායි සහ අබුඩාඩි හිදී පසුගියදා පැවති 2019 විශේෂ අවස්ථා ඇති දරුවන්ගේ  ක්‍රීඩා (පැරා ක්‍රීඩා) තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් 4 ක් දිනාගත්තේය. 

පිහිනුම්  මීටර්  25 නිදහස් ආර ඉසව්වෙන් ශෂික  අනුරුද්ධ සහ දුර පැනීම ඉසව්වෙන් සජිත් ජනිත කුමාර රන් පදක්කම් දිනා ගත්හ. විනෝද් විලේගොඩ (බැඞ්මින්ටන්), කාවින්ද කුමාර (බැඞ්මින්ටන්), අරුන් ප්‍රශාන්ත් (පිහිණුම් මීටර් 50 - නිදහස්ආර)  සහ  දුමිඳු මුතුනායක (දුර පැනීම) රිදී පදක්කම් දිනාගත්හ. 

රන් හා රිදී පදක්කම්  දිනා ගත්  ක්‍රිඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීමේ උත්සවයක්  ඊයේ (25) ජනමාධ්‍ය හා  ආරක්ෂ රාජ්‍ය ඇමති රුවන්  විජයවර්ධන මහතාගේ ප්‍රධානාත්වයෙන්  ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම ක්‍රීඩකයෝ සියලු දෙනාම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතින් එහිදී  මුදල් ත්‍යාග හිමිකර ගත්හ. 
මෙම තරගාවලිය සදහා රටවල් 190 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වී සිටියහ. 

ජනමාධ්‍ය හා  ආරක්ෂ රාජ්‍ය ඇමති රුවන්  විජයවර්ධනය මහතා එහිදී සිසුන් අමතමින් මෙසේ පැවසීය.

“විශේෂ  අවශ්‍යතා ඇති දරුවන් ගේ ඔලිම්පික්  තරගාවලියේ දී ශ්‍රී  ලංකාවට රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කම් හතරක්  හිමිකර දීම  සම්බන්ධයෙන් අපි රටක් ලෙස ආඩම්බර වෙනවා.  මෙය  රටටම ආදර්ශයක්  වශයෙන් අපි දකිනවා.. විශේෂ අවශ්‍යතා ඇති මේ  දක්ෂ දරුවන්ට හැකි පමණ  අතහිත ලබා දිය යුතුයි.”

“විශේෂයෙන් ක්‍රීඩා අංශයෙන් ඔවුන්ගේ දක්ෂතාවන්ට අතහිත දීම අපේ අරමුණයි..දෙමාපියන්ගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනේ  මේ දරුවන්ට අවශ්‍ය ශක්තිය  ධෛර්යය දියයුතුයි කියායි” 

“මේ දරුවන්ට  හැකියාවන් වැඩිදියුණු කරන්න අපි රජයක් වශයෙන්  මැදිහත් වෙලා  විශේෂ වැඩහටහනක්  ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා......ඒ සම්බන්ධයෙන් ඉදිරියේ ක්‍රීඩා ඇමැතිතුමා සමග ද  සාකච්ඡා කරනවා.   ඔලිම්පික් ක්‍රීඩාවට සහභාගි වු සහ පදක්කම් ලබාගත් සියලු දෙනාට සුභ පතනවා.....විශේෂ අවශ්‍යතාව ඇති දරුවන් ගැන මීට වඩා රට තුළ අවධානය යොමුවිය යුතුයි.” යයිද පැවසූ විජයවර්ධන මහතා 

“පසුගිය කාලේ සමාජය තුළ මේ දරුවන් කොන්කිරීමට  ලක්වුණා. මේ දරුවන් දක්ෂයි. මේ දරුවන්ගේ දස්කම් දෙස බලන විට ඔවුන්ට සියලු දෙනාට අතහිත දුන්නානම් ඉදිරියේදී පැවැත්වෙන පැරාලිම්පික් තරග වලදී මීට වඩා වැඩි පදක්කම්  ප්‍රමාණයක්  ලබා ගැනීමට හැකි වෙනවා.” යයි ද පැවසීය. 

ස්පෙෂල් ඔලිම්පික් සෙරන්ඩිබ් ශ්‍රි ලංකා පෞද්ගලික ආයතය විසින් මෙම  ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඔවුන් පුහුණු කරමින් තරගය සදහා සියලු කටයුතු  සංවිධානය කරන ලදි. දිස්ත්‍රික්ක 5 කින් තෝරාගත් සිසු සිසුවියන් 23 දෙනකු  2019 දරුවන්ගේ පැරලිම්පික් තරගය සදහා  ඉදිරිපත්  කළ බව  ස්පෙෂල් ඔලිම්පික් සෙරන්ඩිබ් ශ්‍රි ලංකා පෞද්ගලික  විදුහලේ  විදුහල්පතිනි  මලීෂා ඉෂානි මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට ස්පෙෂල් ඔලිම්පික්  සෙරන්ඩිබ්  ශ්‍රි ලංකා   ආයතනයේ සභාපති අචාර්ය  නිමල්  කාරියවසම්,  පුහුණුකරුවන් වන ප්‍රදීප් වෙළගෙදර,  රශ්මික උපුල්,   මේජර් උපාලි  වික්‍රමසිංහ,  ලෝචන මොහොට්ටි,  සුභා ධර්මවංශ,  දුලානි අල්ගම,  යන මහත්ම මහත්මීහු සමග  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ  නිලධාරීහු රැසක් ද සහභාගි වුහ.

0S3A9770--ok
0S3A975ok

12ඡායාරූප - චතුර එස් කොඩිකාර 


 


අදහස් (0)

දරුවන්ගෙන් පැරා ක්‍රීඩා පදක්කම් 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.