Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (25 වැනිදා) පැවැති තරගයකදී කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 95 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් පිල ඕවර 13.4 කදී කිසිවකු නොදැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.
එහිදී නවෝද් පරණවිතාන පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 50 ක් සහ සදීර සමරවික්‍රම පන්දු 38 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 37 ක් ලබාගනිමින් ද්‍රවිඩ සංගම් පිල ජයග්‍රහණය කරා ගෙන යාමට සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කස්ටම්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 94 ක් පමණි.
අද පැවැති තවත් තරග 5 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට පොලීසිය, එන්.සී.සී, කෝල්ට්ස්, බී.ආර්.සී සහ පානදුර යන කණ්ඩායම් සමත්විය.
මීගමුව පිලට එරෙහිව පොලිස් පිලත්, හලාවත මේරියන්ස් පිලට එරෙහිව එන්.සී.සී පිලත්, සෙබස්තිනයිට්ස් පිලට එරෙහිව කෝල්ට්ස් පිලත්, නුගේගොඩ පිලට එරෙහිව බී.ආර්.සී පිලත්, රාගම පිලට එරෙහිව පානදුර පිලත් ජයග්‍රහණ වාර්තා කළේය.
නවෝද් පරණවිතාන (ද්‍රවිඩ සංගමය), විශාද් රන්දික (කෝල්ට්ස්), ඩිලාන් ජයලත් (බී.ආර්.සී), අභිෂේක් ලියනාරච්චි (නුගේගොඩ) සහ ඉෂාන් ජයරත්න (රාගම) අද තරග වලදී අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
නුගේගොඩ පිලේ චමින්ද බණ්ඩාර කඩුලු 4 ක් දවාගනිමින් අද දිනයේදී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය. කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ඩිල්ෂාන් මුණවීර (මීගමුව), පුලින තරංග (හලාවත මේරියන්ස්), සහන් ආරච්චිගේ (එන්.සී.සී) සහ දුවිඳු තිලකරත්න (බී.ආර්.සී) සමත්වූහ.
ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 10 ක ජයක්
කැන්ඩි කස්ටම්ස් සහ ද්‍රවිඩ සංගමය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
කැන්ඩි කස්ටම්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 94
(විශ්ව විජේරත්න 39, ඉසුරු උදාන 18/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 13.4 කදී කිසිවකු නොදැවී 95
(නවෝද් පරණවිතාන නොදැවී 50, සදීර සමරවික්‍රම නොදැවී 37)
පොලිස් පිලට කඩුලු 5 ක ජයක්
පොලිස් සහ මීගමුව කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මිගමුව - ඕවර 18 කදී කඩුලු 8 ක් ක් දැවී 128
(අමෝද විදාණපතිරන 41, චතුරංග කුමාර 19/2)
පොලීසිය - ඕවර 17.2 කදී කඩුලු 5 ක් දැවී 132
(චතුරංග ජයතිලක 33, චාමර සිල්වා නොදැවී 36, චතුරංග කුමාර නොදැවී 30, ඩිල්ෂාන් මුණවීර 29/3)
එන්.සී.සී පිලට ලකුණු 46 ක ජයක්
හලාවත මේරියන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී - ඕවර 16 කදී කඩුලු 9 ක් දැවී 111
(උපුල් තරංග 24, අහන් වික්‍රමසිංහ 31, කවීන් බණ්ඩාර 21, පුලින තරංග 19/3, චරිත් ජයම්පති 18/2)
හලාවත මේරියන්ස් - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 65
(සහන් ආරච්චිගේ 11/3, ජොහෑන් ඩී සිල්වා 11 )
කෝල්ට්ස් පිලට ලකුණු 17 ක ජයක්
සෙබස්තිනයිට්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 169
(විශාද් රන්දික 59, සංගීත් කුරේ 42, මුදිත ලක්ෂාන් නොදැවී 34, ශශ්‍රීක පුස්සේගොල්ල 26/2, සචිත ජයතිලක 40/2)
සෙබස්තිනයිට්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 152
(නිමන්ත පෙරේරා 42, ශශ්‍රීක පුස්සේගොල්ල 30, සචිත ජයතිලක 30, අහ්මඩ් ඛාන් නොදැවී 25)
බී.ආර්.සී පිලට ලකුණු 26 ක ජයක්
නුගේගොඩ සහ බී.ආර්.සී කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 172
(ඩිලාන් ජයලත් 78, දුෂාන් හේමන්ත 23, චමින්ද බණ්ඩාර 18/4)
නුගේගොඩ - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 146
(ලිසුල ලක්ෂාන් 20, අභිෂේක් ලියනාරච්චි 67, නයන ප්‍රනාන්දු නොදැවී 27, දුවිඳු තිලකරත්න 17/3)
පානදුර පිලට කඩුලු 4 ක ජයක් (ඩක්වත් ලුවිස්)
රාගම සහ පානදුර කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
රාගම - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 148
(තෙවිඳු දික්වැල්ල 23, ජනිත් ලියනගේ 35, ඉෂාන් ජයරත්න නොදැවී 50, තරිඳු කෞෂාල් 20/2)
පානදුර - ඕවර 13.4 කදී කඩුලු 6 ක් දැවී 126
(කෝසල රවිඳු 23, තරිඳු කෞෂාල් නොදැවී 32, රොෂාන් විජේනායක නොදැවී 26, ශෂික දුල්ෂාන් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.