Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ද්‍රවිඩ සංගමය - ඒස් කැපිටල් අවසන් පූර්ව වටයට

ද්‍රවිඩ සංගමය - ඒස් කැපිටල් අවසන් පූර්ව වටයට

editorial - 2022 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමට ද්‍රවිඩ සංගම් පිල සහ ඒස් කැපිටල් පිල සමත්විය. ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට යුද හමුදා පිල සහ සී.සී.සී පිල කලින්ම සමත්විය.

මූලික වටයේ තරග අද (24 වැනිදා) අවසන් වූ අතර කණ්ඩායම් 26 ක් කාණ්ඩ දෙකක් යටතේ තරගාවලියට එක් වූහ.

තරග 12 බැගින් ක්‍රීඩා කර ඉන් තරග 10 ක් ජය ගත් ද්‍රවිඩ සංගම් පිල ප්‍රසාද ලකුණු 30 ක් ද, ඒස් කැපිටල් පිල තරග 10 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 27 ක් ද සමගින් ‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූහ.

යුද හමුදා පිල තරග 11 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 33 ක් සහ සී.සී.සී පිල තරග 11 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 31 ක් ලබා ‘බී’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූහ.

අවසන් පූර්ව තරග මේ මස 30 වැනිදා එන්.සී.සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණ හිදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය අගෝස්තු 1 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (0)

ද්‍රවිඩ සංගමය - ඒස් කැපිටල් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.