Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනුවොත් ශ්‍රී ලංකාව ඉදිරියට

දිනුවොත් ශ්‍රී ලංකාව ඉදිරියට

editorial - 2024 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

ආසියානු කුසලාන (2027) මුල් වටයේ පරාජිතයන් පිටු දකින කාන්ඩ වටයට නිර්දේශ ලබන ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර  දෙවැනි තරගය හෙට (10) ශ්‍රී  ලංකා වේලාවෙන් රාත්‍රී 8.30 ට කාම්බෝජයේ පොන්ග් - පෙන් නුවරදී  පැවැත්වේ.
 
දෙරට අතර කොළඹදී පැවැති පළමු තරගය නිලකුණු තත්වයක් මැද සමවීම හමුවේ අද තරගයේ ජයග්‍රාහ ණය  දෙපිලටම තීරණාත්මකය.ඒ ජයග්‍රාහකයා  එළඹෙන 2027 ආසියානු  කුසලාන  පාපන්දු තරගාවලියේ මීළග කාන්ඩ වටයට නිර්දේශ  ලබන බැවිණි.
 
ඒ සඳහා  සූදානමින්  සංචාරක ශ්‍රී  ලංකා ජාතික පාපන්දු  කණ්ඩායම මේ වන විට පොන්ග් - පෙන් නුවරට ළගාවෙමින් පුහුණුවීම්  ආරම්භ කර තිබේ.   කුවේට්  ජාතික  අබ්දුල්ලා අල් මූටායිරී මහතා මෙම තරගයේදීත් ශ්‍රී  ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු  ලෙස වැඩ බලයි.
 
ක්‍රීඩකයන් 24 දෙනෙකු  හා පරිවාර  නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තරගයට සූදානම්ව  පොන්ග් - පෙන් නුවරට ගොස් සිටියි.

අදහස් (0)

දිනුවොත් ශ්‍රී ලංකාව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.