Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනේෂ් ප්‍රියන්තට කෝටි බාගයක්

දිනේෂ් ප්‍රියන්තට කෝටි බාගයක්

editorial - 2021 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පිළිගත් ජාත්‍යන්තර ජයග්‍රහණවලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රදානය කෙරෙන මුදල් ත්‍යාග අනුව ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් හිමිවේ. එම ප්‍රදානයන්ට අනුව අද (30 වැනිදා) ලෝකඩ පදක්කමක් හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කුට හිමිවිය යුතු ත්‍යාග මුදල අවම වශයෙන් රුපියල් ලක්ෂ 20කි.

ක්‍රීඩා  අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබෙන අන්දමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ප්‍රදානය කෙරේ.

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී පදක්කම් දිනු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා ලබන සිකුරාදා (3) අලුයම 4.25ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්, යු.එල්. 455 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට ළඟාවීමට නියමිතය.  එහිදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන්  කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ දී ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ.

 


අදහස් (0)

දිනේෂ් ප්‍රියන්තට කෝටි බාගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.