Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිමුත් යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට

දිමුත් යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට

editorial - 2022 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත අන්තර් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගවාරයේදී යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට හිමිව තිබේ. එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ඉතිහාසයේ යොක්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලංකිකයා වන්නේද දිමුත්ය. 

යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් තරග 4 කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දිමුත් බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තයේ සිට බංග්ලාදේශය බලා පැමිණීමට නියමිතය. ඉන් අනතුරුව ඕස්ටේ්‍රලියානු තරගාවලියේ සීමිත ඕවර තරග සඳහා අවශ්‍ය වුවහොත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන අතර නැතහොත් නැවත එංගලන්තයට ගොස් තවත් තරග කිහිපයකට ක්‍රීඩා කර ටෙස්ට් තරග සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. 

ඉකුත් වසරේ (2021) ජනවාරි මාසයේ සිට මේ දක්වා ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කර ඇති දිමුත් එහිදී ඉනිම් 17 ක් තුළ ද්විත්ව ශතකයක්, ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 1068 ක් රැස්කරගෙන ඇත්තේ 62.82 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රඳවාගනිමිනි. 
යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම 1863 වසරේදී ආරම්භ කිරීමෙන් පසුව වසර 129 ක් ගතවන තෙක් කිසිඳු විදෙස් ක්‍රීඩකයකු එම කණ්ඩායමට ඇතුළත් කරගෙන නොමැත. එම කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු විදෙස් ක්‍රීඩකයා වන්නේ ඉන්දීය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ය. ඔහු 1992 වසරේදී යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළේය. 

ටෙන්ඩුල්කාර්ගෙන් පසුව ඕස්ටේ්‍රලියානු, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකානු, නවසීලන්ත, ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩකයන් 37 දෙනෙක් යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කර ඇත. කෙසේ වුවත් මේ දක්වා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වී නොමැත. 

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් හිමිකර ගැනීමට පෙර ස්ටැන්ලි ජයසිංහ, ක්ලයිව් ඉන්මන් සහ ගාමිණී ගුණසේන යන ක්‍රීඩකයන් විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කර තිබිණ. 

ටෙස්ට් වරම් දිනාගැනීමෙන් අනතුරුව අරවින්ද ද සිල්වා (කෙන්ට්), කුමාර් සංගක්කාර (වොවික්ෂයර්, ලැන්කෂයර් සහ සරේ), මුත්තයියා මුරලිදරන් (කෙන්ට් සහ ලැන්කෂයර්), චමින්ද වාස් (හැම්ප්ෂයර්, මිඞ්ල්සෙක්ස්, නොදම්ප්ටන්ෂයර් සහ වොක්ෂ්ටෂයර්), රංගන හේරත් (හැප්ෂයර් සහ සරේ) සහ සුරංග ලක්මාල් (ඩාබිෂයර්) වැනි ක්‍රීඩකයෝද එම තරගාවලියට ක්‍රීඩා කළහ. 

-036 


අදහස් (0)

දිමුත් යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.