Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රහ්මනුල්ලා ගුර්බාස් (41), එවින් ලුවිස් (නොදැවී 32) සහ රවී බොපාරාගේ (38) වේගවත් පිතිහරඹයන් හමුවේ අබුඩාබිහිදී පැවැත්වෙන දහයයි10 තරගාවලියේදී බංග්ලා ටයිගර්ස් පිලට එරෙහිව පැවැති පළමු තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ඩ්වේන් බ්‍රාවෝ නායකත්වය දරන දිල්ලි බුල්ස් කණ්ඩායම බ්‍රහස්පතින්දා (28 වැනිදා) සමත්විය.
රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත් අතර එවින් ලුවිස් පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් ලබාගත්තේය. රවී බොපාරා පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් රැස්කරමින් දිල්ලි බුල්ස් පිලේ ජයග්‍රහණයට දායක විය.
බංග්ලා ටයිගර්ස් - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 128
(ජොන්සන් චාල්ස් නොදැවී 73, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 32, ෆිඩෙල් එඩ්වඩ් 17/1, ඩ්වේන් බ්‍රාවෝ 21/1)
දිල්ලි බුල්ස් - ඕවර 8.5 කදී කඩුලු 3 ක් දැවී 129
(රහ්මනුල්ලා ගුර්බාස් 41, එවින් ලුවිස් නොදැවී 32, රවී බොපාරා 38, කරීම් ජැනට් 34/2, ෆාසාල්හක් ෆරූකි 16/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.