Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගිට

දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගිට

editorial - 2021 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී අද (23) පැවැති ජාත්‍යන්තර මලලක්‍රීඩා තරගයකදී ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා මීටර 6.44 ක දක්ෂතාවයක් දක්වමින් දුර පැනීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.

ඇය මේ දිනවල කටාර් රාජ්‍යයේ නේවාසිකව පුහුණුවීම් හදාරමින් සිටින අතර තුර්කියේ පැවැති තරගාවලියට සහභාගි වී තිබේ.  

මෙම ඉසව්වේ සාග් රන් පදක්කම් ලාභිනියද (මීටර 6.38) වන සාරංගි  අද (23) දැක්වූ දක්ෂතාව මීටර 6.44 කි. සාරංගිගේ දක්ෂතාව හමුවේ වසර 2015 දී මීටර 6.43 කට එන්.ටි.ඩී. ප්‍රියදර්ශනී විසින් පිහිටුවා තිබූ පැරැණි ශ්‍රී ලංකා වාර්තාව බිඳවැටුණි.

ඇගේ පෞද්ගලික පුහුණුකරු වන්නේ මේ වන විට ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධුරයද දරන වයි.කේ. කුලරත්න මහතාය.  

 


අදහස් (0)

දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.