Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙවැනි කොටසේ ශූරතාව සා.තෝමස් විද්‍යාලයට

දෙවැනි කොටසේ ශූරතාව සා.තෝමස් විද්‍යාලයට

රොෂාන් ගුණරත්න - 2018 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (04 වැනිදා) සමත්විය. තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 28 කින් පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලට ඕවර 49.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි. 

විනෙත් බණ්ඩාරනායක ලකුණු 33 ක් රැස්කරමින් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාවූ අතර රනුක පෙරේරා ලකුණු 26 ක් රැස්කිරීමට සමත්විය. දිනෙත් දිමන්ත, මදුෂාන් පිරීස් සහ කාවින්ද ඊෂ්වර කඩුලු 2 බැගින් දවාගනිමින් බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය කරා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයට ඕවර 42.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් කාවින්ද ඊෂ්වර අර්ධ ශතකයක් (50) ලබාගත්තද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. තවීෂ රණසිංහ, ඉඳුනෙත් ප්‍රනාන්දු, අනුක් පළිහවඩන සහ දුලිත් පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ශූරතාව හිමිකර දීමට සමත්වූහ.

සා. තෝමස් විද්‍යාලය - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 152
(විනෙත් බණ්ඩාරනායක 33, රනුක පෙරේරා 26, දිනෙත් දිමන්ත 35/2, මදුෂාන් පිරීස් 30/2, කාවින්ද ඊෂ්වර 28/2)

සිරි පියරතන විද්‍යාලය - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී 124
(කාවින්ද ඊෂ්වර 50, කාවින්ද ප්‍රනාන්දු 18, තවීෂ රණසිංහ 14/2, ඉඳුනෙත් ප්‍රනාන්දු 31/2, අනුක් පළිහවඩන 13/2, දුලිත් පෙරේරා 31/2)


අදහස් (0)

දෙවැනි කොටසේ ශූරතාව සා.තෝමස් විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.