Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ මාපියන්ට සිදුකරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයකින් පසුව ඔවුන් දෙදෙනාටම කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරුවී ඇත. පාන් සිං දෝනි මහතාට සහ දේවාකි මහත්මියට වයිරසය ආසාදනයවී ඇති බව දැනගත් සැණින් රංචියේ ප්ලස් රෝහලට ඇතුළත් කරනු ලැබීය.
දෙදෙනා බරපතල තත්ත්වයේ නොමැති බවත් ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම හොඳින් පවතින බවත් පෙනහළු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දෝනි මේ වන විට ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටී.
ඉන්දියාවේ නව කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ, අයි.පී.එල්. සඳහා සහභාගී වන කණ්ඩායම් 8 හි සියලුම ක්‍රීඩකයන්ට සමාජ දුරස්ථ මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජෛව ආරක්ෂිත පරිසරයක රැඳී සිටින ලෙස දන්වා තිබේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ දේව්දූත් පඩික්කල් සහ ඩැනියෙල් සැම්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් පිලෙහි නිතිෂ් රානා සහ දිල්ලි කැපිටල්ස් පිලෙහි අක්ෂර් පතෙල් ට මින් පෙර කොරෝනා වයිරසය වැළඳී සිටියහ.
මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් පිලේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් මහතා කියන්නේ දෝනිගේ දෙමාපියන් ගැන කණ්ඩායම් කළමණාකාරීත්වය පූර්ණ අවධානයෙන් සිටින බවයි.
“තත්ත්වය ගැන අපි හොඳින්ම දන්නවා. ඒ වෙනුවෙන් දෝනිට දෙන්න පුළුවන් සියලුම සහයෝගය අපි දෙනවා”
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.