Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දණහිසේ ආබාධය සුවවීමෙන් පසුව නජිබුල්ලා සද්රාන් ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට එක්වී සිටී. ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමට නජිබුල්ලා ඇතුළත් කර තිබේ.
ඇෆ්ඝනිස්ථානය සහ පාකිස්තානය අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නජිබුල්ලාට අහිමි වූයේ දණහිසේ ආබාධය හේතුවෙනි. ශ්රී ලංකාවේදී පැවති එම තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානු පිල 3-0 ක තරගාවලිය පරාජයක් අත්වින්දේය.
කෙසේ වෙතත් අනිද්දා (30 වැනිදා) පාකිස්තානයේ මුල්තාන් නුවරදී පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේදී 30 හැවිරිදි වමත් පිතිකරුවා ඇෆ්ඝනිස්ථානු පිලට එක්වනු ඇත. ඇෆ්ඝනිස්ථානය සහ ශ්රී ලංකාව අතර තරගය සැප්තැම්බර් 05 වැනිදා ලාහෝරයේ ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වෙයි.
මේ අතර ඇලපතේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් අස්මතුල්ලා ඔමරාසි ඇෆ්ඝනිස්ථානු පිලෙන් ඉවත්කර තිබේ. ගුලාබ්දීන් නයිබ් සහ කරීම් ජනාත් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට ඇතුළත් කර තිබේ.
ඇෆ්ඝනිස්ථානු සංචිතය
හෂ්මතුල්ලා ෂාහිදි (නායක), රහමනුල්ලා ගුර්බාස්, ඉක්රම් අලිඛිල්, ඊබ්රාහිම් සද්රාන්, රියාස් හසන්, රහමත් ෂා, නජිබුල්ලා සද්රාන්, මොහොමඩ් නබි, කරීම් ජනාත්, ගුල්බදීන් නයිබ්, රෂීඩ් ඛාන්, අබ්දුල් රහ්මාන්, මුජීබුර් රහ්මන්, නූර් අහමඩ්, මොහොමඩ් සලීම්, ෆසල්හක් ෆාරුක්, සහ ශරාෆුඩීන් අශ්රාෆ්
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.