Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ටී. (තංගරාසු) නටරාජන්ට දණහිසේ ආබාධයක් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. නටරාජන් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල මේ වන විට කටයුතු කරමින් සිටී.
බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත නැවත වාර්තා කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නටරාජන්ට දන්වා යවා ඇති බව වාර්තා වේ.
මේ වනවිට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමගින් චෙන්නායිහී රැඳී සිටින ටී.නටරාජන් කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සන්රයිසස් හයිද්‍රාබාද් පිලටද දන්වා තිබේ.
“අපට සම්පූර්ණ වාර්තාව ලැබී නෑ. නමුත් ඔහුගේ දණහිසේ ආබාධයක් ඇතිවී තිබෙන බව අපට දැනුම් දුන්නා. ඒ අනුව ඔහුව බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යවා පුනරුත්ථාපනය කිරීමට සිදුවෙනවා” යැයි හයිද්‍රාබාද් පිලේ ප්‍රකාශකයකු පවසා ඇත.
සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ප්‍රධාන පන්දු යවන්නකු වන නටරාජන් අවසන් ඕවර කිහිපයේදී යෝකර් පන්දුවෙන් පිතිකරුවන් මෙල්ල කිරීමට දක්ෂයෙකි. ඔහුගේ අඩුව පිරවීමට වෙනත් ක්‍රීඩකයකු සොයා ගැනීමේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල මහත් අසීරූතාවයකට පත්වනු ඇත.
ඩේවිඩ් වෝනර්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් පිල දිල්ලි කැපිටල් පිලට එරෙහිව අද (25 වැනිදා) තරග කිරීමට නියමිතය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.