Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ටෙනිස් සම්මේලනය සමග එක්ව සමස්ත එංගලන්ත ටෙනිස් ක්‍රීඩා සමාජය 134 වැනි වරට සංවිධානය කරන විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ මූලික වටයේ තරග හෙට (28 වැනිදා) ලන්ඩන්හිදී ආරම්භ වේ. මෙම වසර තුළදී පැවැත්වෙන තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය මෙය වන අතර මින් පෙර ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය ඉකුත් පෙබරවාරි මාසයේදීද, ප්‍රංශ විවෘත තරගාවලිය මීට සති දෙකකට ඉහතදීද පැවැත්විණ.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉකුත් වසරේදී (2020) මෙම තරගාවලිය නොපැවැත්වුණ අතර අවසන් වරට පැවැති තරගාවලියේ (2019) ශුරයා ලෙස සර්බියාවේ නොවැක් ජොකොවික්ද, ශුරිය ලෙස රුමේනියාවේ සිමෝනා හීල්ප්ද සම්මාන දිනාගත්හ. ඔවුන් දෙදෙනා අතරින් ජොකොවික් සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මෙවර (2021) තරගාවලියට සහභාගි වන නමුත් ආබාධ තත්ත්වයක් හේතුවෙන් සිමෝනාට මෙවර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ.
ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 19 ක් දිනා සිටින ජොකොවික්, මෙවර විම්බල්ඩන් ශූරතාව දිනාගැනීමට සමත් වුවහොත්, ඔහුට එදා මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම වීමට හැකි වනු ඇත.
විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට රොජර් ෆෙඩරර් සමත්ව සිටින අතර රෆායල් නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට සමත්ව ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමගිනි.
දීර්ඝ මැටි පිටි තරග වාරයකින් පසුව තමාට කෙටි විවේකයක් අවශ්‍ය බව පවසමින් නඩාල් මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් විය. ඒ සමගම මෙවර තරගාවලියේ ශූරතාව සඳහා ජොකොවික්, නඩාල් සහ ෆෙඩරර් අතර පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් සටන ජොකොවික් සහ ෆෙඩරර් අතර පැවැත්වෙන ද්වන්ද සටනක් බවට පත් විය. අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජොකොවික් සමත්ව සිටියද, විම්බල්ඩන් පිටියේදී තමාට වඩා අත්දැකීම් බහුල ෆෙඩරර් පිළිබඳව ඔහුට සුලුවෙන් තැකිය නොහැකි වනු ඇත.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.