Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි තරගයේ දෙවැනි දිනය වූ අද (28) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 249 ක් රැස්කර ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
නවසීලන්තය කඩුලූ 9 ක් ඇතැතිව තවත් ලකුණු 102 ක් පසු පසින් සිටියි.
දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට නායක බ්‍රෙන්ඩන් මැකලම් (නොදැවී 153) සහ කේන් විලියම්සන් (නොදැවී 76) දෙවැනි කඩුල්ලට ලකුණු 198 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.
බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 145 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 153 රැස් කළේය. තරගයේ දෙවැනි දිනය වූ අද දිවා විවේකයට පෙර පාකිස්තානු පළමු ඉනිම ලකුණු 351 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
යොවුන් පිට දඟ පන්දු යවන මාක් ක්‍රෙයිග් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 94 කට කඩුලූ 7 ක් දවා ගනිමින් පාකිස්තානු ඉනිමේ විනාශකරු බවට පත්විය.
පාකිස්තානු පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් මොහොමඞ් හෆීෂ් පන්දු 316 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර 3 ක් සමගින් 197 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
අද දිනයේ තරගය ආරම්භ වන විට පාකිස්තානය කඩුලූ 3 ක් දැවී ලකුණු 281 ක් ලබා සිටි අතර ඉතිරි කඩුලූ හත ඕවර 35.4 කදී ලකුණු 70 ක් තුළ බිද වැටුණි.
පන්දුව හිසේ වැදීමේ අනතුරෙන් අභාවප‍්‍රාප්ත වූ ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස්ට ගෞරව දැක්වීමක් ලෙස මෙම තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27) තරගය නොපැවැත්වූ අතර දෙවැනි දිනයේ සිට අද තරගය නැවත ආරම්භ කළේය.
පාකිස්තානු පිල පළමු ඉනිම ඕවර 125.4 කදී සියලූ දෙනා දැවී 351 (මොහොමඞ් හෆීෂ් 197, අෂාර් අලී 39, මිස්බා උල් හක් 38, යසීෂා ෂා 25, මාක් ක්‍රෙයිග් 94/7)
නවසීලන්ත පිල පළමු ඉනිම ඕවර 45 කදී කඩුලූ 1 ට 249 (බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී 153, කේන් විලියම්සන් නොදැවී 76)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.