Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තය 4-0 කින් ඉන්දියාව පරදවයි

නවසීලන්තය 4-0 කින් ඉන්දියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

සංචාරක ඉන්දීය පිලට එරහව පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ජය ලැබීමට නවසීලන්ත ක‍්‍රීඩකයෝ අද සමත් වූහ.

වෙලින්ටන්හිදී අද (31) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් නවසීලන්ත පිල ලකුණු 87 ක පහසු ජයක් ලැබීය.

මෙම තරගාවලියේ තෙවැනි තරගය ලකුණු 314 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වූ අතර සෙසු සියලූම තරගවලදී ඉන්දීයාව පරාජය කිරීමට නවසීලන්තය සමත් විය. මෙම තරගාවලියට පෙර ඉන්දීය පිල එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය දිනා සිටි කණ්ඩායම විය.

අද පැවැති තරගයේදී ජයග‍්‍රහණය සදහා ලකුණු 304 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිල ලකුණු 216 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

නවසීලන්ත වෙනුවෙන් මංගල එක්දින තරගයට සහභාගි වූ 22 හැවිරිදි දකුණතින් වේග පන්දු යවන මැට් හෙන්රි ලකුණු 38 කට කඩුලූ 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

රෝස් ටේලර් පිට පිටම දෙවැනි ශතකය වාර්තා කරමින් මෙම තරගයේදීත් පන්දු 106 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය. රෝස් ටේලර් තරගාවලියේ වීරයා සම්මාන හිමිකර ගත්තේය.


නවසීලන්තය  ඕවර 50 යේදී කඩුලූ 5 ට 303
(මාටින් ගප්ටිල් 16, ජෙසී රයිඩර් 17, කේන් විලියම්සන් 88, රෝස් ටේලර් 102, බ්‍රෙන්ඩන් මැකලම් 23, ජේම්ස් නීෂාම් නොදැවී 34, වරුන් ඒර්න් 60/2)

ඉන්දියාව  ඕවර 49.4 කදී 216
(විරාට් කෝලි 82, මහේන්ද්‍ර සිං දෝනි 47, අම්බාටි රයිදු 20, භුවනේෂ්වර් කුමාර් 20, කයිල් මිල්ස් 35/2, මැතිව් හෙන්රි 38/4, කේන් විලියම්සන් 19/2)

 


අදහස් (2)

නවසීලන්තය 4-0 කින් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.