Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගැඹුරු ආගාධයකට වැටී ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා අවධානය යොමු කළ යුතු බවත්, ඔහුට නොහැකිනම් වෙනත් කිසිදු ක්‍රීඩා ඇමතිවරයකුට එය කළ නොහැකි බවත් හිටපු ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග මහතා පවසයි.
“තාත්තයි බාප්පයි උඩ පුටු දෙකේ ඉන්නකොට ඔහු ක්‍රීඩා ඇමතිනම්, මේක හැදුවේ නැත්තම්, ආයේ හදන්නම බෑ” යැයි සිරස ටී.වී ආයතනයේ සටන සජීවී වැඩසටහනට එක්වූ රණතුංග මහතා පැවසීය. අර්ජුන රණතුංග මහතාට අමතරව මෙම වැඩසටහන සඳහා හිටපූ ටෙස්ට් නායකයින් වන බන්දුල වර්ණපුර, සනත් ජයසූරිය දෙදෙනාත්, හිටපු ක්‍රීඩක අවිෂ්ක ගුණවර්ධනත් සහභාගිවූහ.
“අපි 2015 දී ආණ්ඩුවක් හදපු වෙලාවේ මේක වෙනස් කරන්න හැදුවා. ඒ අවස්ථාවේදී සමහර පුද්ගලයෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හරහා මෙම වෙනස්කම් කිරිම වැලැක්වුවා...”
ක්‍රීඩාව පිළිබඳ දැනුමක් ඇති නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ඇති සම්බන්ධතාවය හේතුවෙන් ක්‍රීඩාව දියුණු කිරීමේදී එවැනි කිසිදු බලපෑමක් ඇති නොවන බව ඔහු පැවසීය.
“අපි හතර දෙනා හෙට ඡන්දේ ඉල්ලුවත් මෙම ඡන්ද පදනමත් එක්ක ක්‍රීඩා සමාජවල කවුරුවත් අපිට ඡන්දේ දෙන්නේ නෑ.”
“අතුරු පාලක මණ්ඩලයක් ගෙනල්ලා අලුත් නිතී සමගින් මේ ක්‍රිකට් ව්‍යුහය වෙනස් කරලා අවුරුද්දකින් පමණ ඡන්දෙකට යන්න ඕන. එතකොට සාධාරණ ඡන්දෙකට යන්න පුලුවන්... එතකෙට සල්ලි වලට ඡන්දේ කරන්න ඕන වෙන්නේ නෑ. අපේ රටේ විතරයි ඡන්ද 142 ක් තියෙන්නේ. අනිත් රටවල් වල පොඩි ඡන්ද ගණනක් තියෙන්නේ” යයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.
පරිපාලන නිලධාරීන්ගේ විනය සාදන්නේ නැතුව ක්‍රීඩකයින්ගේ විනය සෑදිය නොහැකි බවත් දේශපාලන බලපෑමක් නොමැතිව බාර දුන්නොත් වසරක් දෙකක් ඇතුළත නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන බවත් රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
“අපි දැන් තරග පැරදිලානේ තියෙන්නේ. අපි දැන් තවත් පහලට වැටෙනවා කියන්නේ මහත් ලැජ්ජාවක්.”
“මේ වෙලා තියෙනවයි කියන දේවල් සාර්ථක වෙලා නැහැනේ. ක්‍රීඩාව අතින් සාර්ථක වෙලත් නෑ. තේරීම් කමිටුව සාර්ථක වෙලත් නෑ. හැම අතින්ම සාර්ථක වෙලා නෑ. මේක කාටද වෙනස් කරන්න පුලුවන්. ක්‍රීඩා ඇමතිතුමාට විතරයි වෙනස් කරන්න පුලුවන්” යැයි ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා පැවසීය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.