Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නව රජයේ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (18 වැනිදා) පෙරවරුවේ වැඩ ඇරඹීය. නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ පෙරවරු 10.30 ට පමණ යෙදී තිබුණු සුබ නැකතට ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අමාත්‍යංශ ලිපියකට අත්සන් යොදා වැඩ ආරම්භ කළේය.
නාමල් මහතා වැඩ ආරම්භ කිරීමෙන් පසුව ඉස්ලාම් සහ හින්දු ආගමික පූජක තුමන්ලාද ආශීර්වාද කළහ. ඉන් අනතුරුව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ද නිල වශයෙන් වැඩ ආරම්භ කළේය.
නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඇමතීමට නියමිතව තිබුණි.
මෙම අවස්ථාවට නාමල් රාජපක්‍ෂ මහතාගේ පියාණනන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාත් සහ මහප්පා වන වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.