Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාවට පස් අවුරුදු සංවර්ධන සැලැස්මක්

නාලන්දාවට පස් අවුරුදු සංවර්ධන සැලැස්මක්

editorial - 2023 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයට පළමු පෙළ ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් දායාද කළ නාලන්දා විදුහල සිය ශත සංවත්සරය 2025 වර්ෂයේදී සමරයි. එ වෙනුවෙන් නාලන්දා විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය සඳහා පස් අවුරුදු සැලැස්මක්ද එළිදක්වනු ලැබිණ.

නාලන්දා විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට දායාද කළ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වන මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, කුමාර ධර්මසේන, ජයන්ත සෙනවිරත්න, හේමන්ත දේවප්‍රිය, සුසන්ත කරුණාරත්න සහ ඉමල් බොතේජු යන හිටපු ක්‍රීඩකයෝ

මෙම විශේෂ සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීම සඳහා දායකත්වය දුන්හ‍. විදුහල්පතිවරයා ඇතුලු පාසල් කළමනාකරණ කමිටු සාමාජිකයෝ සහ පුහුණුකරුවෝද ඊට එක්වූහ.

උපුල් ගමගේ මහතා මෙහි තාක්‍ෂණික කමිටුව මෙහෙයවයි.

මෙම වසර 5 ක ක්‍රිකට් සංවර්ධන සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා කණිෂ්ක බණ්ඩාරතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් උපායමාර්ගික ක්‍රිකට් සංවර්ධන කමිටුවක් පත් කරන ලදි. ආදී නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් හා විද්වතුන් වන සාරංග විජේරත්න, සජිත් කොඩිකාර, නිලාන් සිල්වා, නලින් අපොන්සු, රනේෂ් හඳුන්නෙත්ති, අසංක නානායක්කාර, අසේල ලොකුගේ, චරිත බොතේජු, සංජීව ජයවර්ධන, ලක්ෂාන් අල්ගම පෙරේරා, නුවන් රත්නකීර්ති සහ මිලින්ද වීරසිංහ ශ්‍රී ලංකාවේ සිටත්, ප්‍රදීප් හැඩිගල්ල යුරෝපයේ සිටත්, මහාචාර්ය සඳුන් පෙරේරා ඇමරිකාවේ සිටත්, කණිෂ්ක ගමනායක (ඕස්ට්‍රේලියාව), අරුනලු ද සිල්වා (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), ප්‍රභාත් කාරියප්පෙරුම (කැනඩාව), සචිත්‍ර සේරසිංහ (එක්සත් රාජධානිය) යන අයත් මෙම වැඩ පිළිවෙල වෙනුවෙන් දායකත්වය දීමට ඉදිරිපත් වී සිටිති.

ආදී නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ 12 වන මහා සභා රැස්වීම පසුගියදා නාලන්දා විද්‍යාලීය භාෂා විද්‍යාගාරයේදී, විදුහල්පති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

 

විධායක කමිටු සාමාජිකයෝ
තිලක් වත්තුහේවා මහතා (විදුහල්පති), නිහාල් පතිරගේ  (සභාපති), මංජුල නාරංගොඩ (ලේකම්), කුසල් ද සිල්වා (භාණ්ඩාගාරික), ජයනාත් සේරම් (ප්‍රධාන සංවිධායක), උපුල් ගමගේ (ආරම්භක සභාපති), ගිහාන් වීරසිංහ (ආරම්භක ලේකම්), කුෂාන් වීරසිංහ, ශානුක දිසානායක,  ප්‍රශාන් වික්‍රමසිංහ සහ මලික් පීරිස් (වයස් කාණ්ඩ උපසභාපතිවරු), ගිහාන් විජේතුංග (සහකාර ලේකම්), චරිත කුමාරසිරි (උප භාණ්ඩාගාරික), විරාජිත් ශාමේන්ද්‍ර බොයිස් (විගණක නිලධාරී)

කමිටු සාමාජිකයෝ
මාධව සමරසිංහ, ජනක පෙරියප්පෙරුම, මෙවන් පෝරගේ, මිලින්ද වීරසිංහ, කලණ ප්‍රේමතුංග, ප්‍රගීත් රඹුක්වැල්ල, ඉෂාන් රංගන, කණිෂ්ක බණ්ඩාරතිලක, අනුර හෙට්ටිආරච්චි සහ තරිඳු විතාන යන මහත්වරු

ක්‍රිකට් තාක්‍ෂණික කමිටු සාමාජිකයෝ :
උපුල් ගමගේ (සභාපති), නිහාල් පතිරගේ, පී.කේ. අබේගුණසේකර, දුමින්ද සෝමවීර සහ සුධර්මන් ද සිල්වා යන මහත්වරු


අදහස් (0)

නාලන්දාවට පස් අවුරුදු සංවර්ධන සැලැස්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.