Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාව ලකුණු 217 ක් ඉදිරියෙන්

නාලන්දාව ලකුණු 217 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වූ 90 වැනි ‘සුලෝහිත සංග්‍රාම’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ආනන්ද විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් දැවී ලකුණු 52 ක් ලබා අසීරු තත්ත්වයක පසුවිය. පළමු දිනය අවසන් වන විට නාලන්දා විදුහල ලකුණු 217 ක් ඉදිරියෙන් සිටියේය.

නාලන්දා විදුහල් ආරම්භක පිතිකරු උප නායක අවිෂ්ක පෙරේරා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 134 කින් හතරේ පහර 17 ක් සමගින් ලකුණු 120 ක් රැස්කිරීමට සමත් විය.

හෙට (03) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

 

නාලන්දා විදුහල පළමු ඉනිම ඕවර 72.1 කදී කඩුලු 7 ට 269
(අවිෂ්ක පෙරේරා 120, දිල්හාර පොල්ගම්පොළ 22, රනිඳු ද සිල්වා 16, ලක්‍ෂිත රසාංජන 16, චමිඳු විජේසිංහ 27, රවීන් ද සිල්වා 36, මහීම වීරකෝන් 15, චාමික ගුණසේකර 46/2, සවිරු බණ්ඩාර 66/2)

ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 15 කදී කඩුලු 4 ට 52
(සුදීප අගුළුගහ 14, දමින්ද රිෂාන් නොදැවී 16, දිනෙත් සමරවීර 22/3)

ඡායාරූප  - ශාන්ත රත්නායක


අදහස් (0)

නාලන්දාව ලකුණු 217 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.