Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අද (19 වැනිදා) සමත් විය.
දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 213 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් නාලන්දා මැදි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී නාලන්දා මැදි විදුහලේ දසුන් ෆොන්සේකා (නොදැවී 148) ශතකයක් ලබාගනිමින්ද, චානක සමීර (නොදැවී 64) අර්ධ ශතකයක් ලබාගනිමින්ද පිත්තෙන් දස්කම් දැක්වූහ.
නාලන්දා මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 302
(දසුන් ෆොන්සේකා නොදැවී 148, චානක සමීර නොදැවී 64, පසිඳු සඳරුවන් 21, කාවින්ද දේෂාන් 20)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 24 කදී සියලු දෙනා දැවී 89
(කෞෂාල් මෙන්ඩිස් 18, චරිත මුතුගල 15/4, චානක සමීර 24/3, කනිෂ්ක ලක්ෂාන් 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.