Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නැගී එන පිල මෙහෙයවීමට ධනංජයලා දෙදෙනෙක්

නැගී එන පිල මෙහෙයවීමට ධනංජයලා දෙදෙනෙක්

editorial - 2022 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟී එන පිලේ එංගලන්ත සංචාරය සඳහා 18 දෙනෙකුගෙන් සංචිතයක් නම් කර ඇති අතර පළමු පෙළ (සිව්දින) තරගාවලියේ නායකත්වය නිපුන් ධනංජයට හිමිව ඇත. විස්සයි20 තරගාවලියේදී ධනංජය ලක්ෂාන් ශ්‍රී ලංකා නැඟී එන පිලට නායකත්වය දෙනු ඇත.

පළමු පෙළ තරග (සිව්දින) 3 ක් සහ විස්සයි20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම මැයි 1 වැනිදා එංගලන්තයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය. මැයි 29 වැනිදා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමෙ එංගලන්ත සංචාරය අවසන් වනු ඇත. 

පළමු පෙළ තරග කෙන්ට් (මැයි 6 සිට 9 දක්වා), හැම්ප්ෂයර් (මැයි 13 සිට 16 දක්වා) සහ සරේ හිදී (මැයි 20 සිට 23 දක්වා) පැවැත්වෙන අතර විස්සයි20 තරග සරේ (මැයි 25), සමර්සෙට් (මැයි 27) සහ ග්ලොස්ටෂයර් හිදී (මැයි 29) පැවැත්වේ. මෙම තරග තුනම අදාළ ප්‍රාන්ත කණ්ඩායම් වලට එරෙහිව පැවැත්වේ. 

පසුගියදා අවසන් වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී සහ දේශීය නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති අතර ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමින් තරඟ කිරීමට අවස්ථාව ලබාදීම සහ අත්දැකීම් ලබාගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් වනු ඇත.

එංගලන්ත සංචාරය සඳහා වමතින් වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා තෝරාගෙන තිබුනද ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වීම හේතුවෙන් ඔහුව ඉවත් කර ඇත. ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක යසිරු රොඞ්්‍රගූ සංචිතයට කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නැඟී එන සංචිතය
නිපුන් ධනංජය (නායක - සිව්දින), ධනංජය ලක්ෂාන් (නායක - විස්සයි20), ලසිත් කෘස්පුල්ලේ, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිෂ්ක තරිඳු, අවිෂ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සංතුෂ් ගුණතිලක, යසිරු රොඞ්්‍රගූ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුෂාන්, නිපුන් රංසික, දිලුම් සුධීර, අශීන් ඩැනියෙල් සහ මනෙල්ක ද සිල්වා.


අදහස් (0)

නැගී එන පිල මෙහෙයවීමට ධනංජයලා දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.