Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ පැවැත්වීමට මාස 3 ක සහන කාලයක්

නිලවරණ පැවැත්වීමට මාස 3 ක සහන කාලයක්

editorial - 2022 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මේ වසරේ මැයි 31 වැනිදා හෝ ඊට පෙර පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා ලබන අගෝස්තු 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශයක් සළකා බලමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අදාළ සහන කාලය පැනවෙන නියෝගය සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයට අත්සන් තැබීමට සූදානමින් සිටි බව වාර්තා වේ.

මෙම වසරේදී මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතුව තිබූ ජාතික ක්‍රීඩා සංගම් ගණන 25 කට ආසන්න විය. ඉන් කීපයක නිලවරණ මේ වනවිට පවත්වා අවසන් කර තිබේ.

කෙසේවුවත් රට තුළ දැන් පැන නැගී තිබෙන ව්‍යාකූල තත්ත්වයන් යටතේ නිලවරණ මැයි 31 වැනිදාට කලින් පවත්වා අවසන් කිරීම දුෂ්කර කටයුත්තක්වී තිබෙන බැවින් ඒ සඳහා තවත් ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ජාතික ක්‍රීඩා සංගම් කීපයක් වෙතින් පසුගිය දිනවල ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ බව වාර්තා වේ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ සඳහා මාස තුනක සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිර්දේශ මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කර තිබේ.

මෙම වසරේ මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනය, ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර්රථ ක්‍රීඩා සංගමය, ශ්‍රීලංකා චෙස් සම්මේලනය හා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයද වෙති.

 කෙසේ වුවත් ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ආදී ජාතික ක්‍රීඩා සංගම් කීපයක් මේ වනවිටත් සිය නිලවරණ පවත්වා තිබේ.  

මෙම සහන කාලය නොලැබුණි නම් ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුකූලව මෙලෙස මැයි 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කිරීමට අපොහොසත්වන ජාතික ක්‍රීඩා සංගම් එතැන් සිට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයට පත්වේ.


අදහස් (0)

නිලවරණ පැවැත්වීමට මාස 3 ක සහන කාලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.