Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ 3 කට දින නියම වෙයි

නිලවරණ 3 කට දින නියම වෙයි

editorial - 2024 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා  විසින් මැයි 29 වැනිදා ගැසට් නිවේදනයකින් අත්හිටුවන ලද ජාතික ක්‍රීඩා  සංගම් හතරකින් තුනක නිලවරණ පැවැත්වෙන දින ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ෂේමාල් ප්‍රනාන්දු මහතා නිවේදනයක් මගින් ප්‍රකාශයට  පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මෝටර්  රථ ක්‍රීඩා  (ඔටෝමොබයිල් ) සංගමයේ නිලවරණය ජූලි 24 වැනිදා  පැවැත්වෙයි. ශ්‍රී  ලංකා පාපැදි සම්මේලනයේ  හා ශ්‍රී  ලංකා  දැල්පන්දු  සම්මේලන නිලවරණ ජූලි 25 වැනිදා පැවැත්වීමට  නියමිතය.

මැයි  29  වැනිදා  අත්හිටුවූ ශ්‍රී  ලංකා රග්බි සංගමයේ නිලවරණය  කැඳවීමට පෙර කළ යුතු ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීමේ   විශේෂ  මහ සභා  රැස්වීම ජූලි 15  වැනිදාට  කැදවා ඇති බවත් ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල් වරයා පවසයි.


අදහස් (0)

නිලවරණ 3 කට දින නියම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.