Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ 6 ක් යළි කල්දමයි

නිලවරණ 6 ක් යළි කල්දමයි

editorial - 2021 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
නාමල් පතිරගේ
--------------------

සංචරණ සීමා දැඩි කිරීමත් සමඟ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඍජු මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ක්‍රීඩා සංගම්6 ක  නිලවරණ නැවත වරක් කල් දැමීමට සිදුව තිබේ. එසේ වුවත් මෙම 31 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට සූදානම්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඇතුළුව තවත් ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කීපයක් දැනට යොදාගෙන තිබෙන දිනවලදීම පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් තීරණය කර තිබේ.

මෙම 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය කල් දැමීම සඳහා නිලවරණ කමිටුව කර තිබෙන ඉල්ලීමට අනුමැතිය ලැබෙනු ඇතැයි ද වාර්තා වේ. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ දැල්පන්දු නිලවරණය කල් දැමීම සඳහා කෙරෙන ඉල්ලීමට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය පළවිය යුතු බවයි.

දැල්පන්දු නිලවරණ මෙහෙයුම් කමිටු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නිලවරණයට තරග වදින අපේක්‍ෂිකාවන් 10 දෙනකුට පමණ එල්ලවී තිබෙන විරෝධතා විභාග කිරීම ද මෙතෙක් අවසන් වී නොමැත.

නිලවරණයේදී ඡන්ද විමසුම ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ සිදු කෙරෙන්නේ නම් ඒ ඔස්සේ කටයුතු කිරීමට තමන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට ඇතැම් ප්‍රාදේශීය දැල්පන්දු සංගම් දැනුම්දී තිබේ. ඒ අතරම පවතින සංචරණ සීමා හා ඇතැම් ප්‍රදේශ හුදෙකලා කිරීම වැනි කාරණාද ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ යොදාගත් දිනවලදී පැවැත්වීමට බාධාවක් වී තිබෙන බව ද සඳහන් වේ.

අමල් එදිරිසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් භාරයේ කැඳවනු ලබන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ බහුතරයක් ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ සංශෝධිත දිනවලදී පැවැත්වීමට දැන් තීරණය කර තිබෙන බවයි.

මේ අතර නියෝජිතයන් 180 දෙනකුට ආසන්න පිරිසක් රැස්වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය  ජුනි 1 වැනිදා පස්වරු 1.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමේදී ඒ සඳහා ශාලා දෙකක් යොදා ගැනීමට තීරණය වී තිබේ.

සෞඛ්‍ය නිරෝධායන දැඩි නීති රීති යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා මේ වනවිට සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අනුමැතිය ලැබී තිබේ. එය ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම අසීරු වී ඇත්තේ ඒ සඳහා යොදා ගැනෙන්නේ රහස් ඡන්දය බැවිනි.

ක්‍රීඩා පනතේ සංශෝධිත වගන්ති හා රෙගුලාසි අනුව වැළැක්විය නොහැකි කරුණක් හැරෙන්නට ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයක් යෙදෙන වසරේ මැයි 31 වැනිදාට පෙර එය පවත්වා අවසන් කළ යුතුය. නිලධාරීන්ගේ පරිපාලන අර්බුද හමුවේ දිගින් දිගටම කල් දැමීමට සිදුවූ ජාතික ක්‍රීඩා සංගම් හතක නිලවරණ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බාරයට ගෙන පැවැත්වේ.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බාරයේ පැවැත්වෙන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ හතක සංශෝධිත දින පහත දැක්වේ.

මැයි 31    - ශ්‍රී ලංකා හොකී සම්මේලනය
ජුනි 1    - ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය
ජුනි 1    - ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය
ජුනි 2    - ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනය
ජුනි 3    - ශ්‍රී ලංකා කැරම් සම්මේලනය
ජුනි 7    - ශ්‍රී ලංකා සවි එසවීමේ (පවර්ලිෆ්ටින්) සම්මේලනය.

 


අදහස් (0)

නිලවරණ 6 ක් යළි කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.