Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුවන් ප්‍රදීප් විශිෂ්ට පන්දු යැවීමක

නුවන් ප්‍රදීප් විශිෂ්ට පන්දු යැවීමක

editorial - 2022 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවන් ප්‍රදීප් පන්දු යවමින්...

(ශානුක අරවින්ද)

යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 10 වැනි තරගයේ දෙවැනි දිනය වූ අද (25 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි යාපනය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 45 ක් ලබා සිටියේය.

දඹුල්ල කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 283 ක් ලබාගත්තේය.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට නවෝද් පරණවිතාන හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 24 ක්ද, සමින්ද ප්‍රනාන්දු නොදැවී ලකුණු 6 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ නිෂාන් මධුෂංක හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේය.

පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 159 ක් ලබා සිටි දඹුල්ල ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 124 ක් එක්කර ගත් නමුත් ඒ අතරවාරයේදී කඩුලු 8 ක් අහිමි කරගත්හ.

වරෙක කඩුලු 2 කට ලකුණු 164 ක් ලබා සිටි දඹුල්ල කණ්ඩායම ලකුණු 05 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමි කරගත්තේය. එහෙත් නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස දඹුල්ල ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දුෂාන් හේමන්ත, මුලු ලකුණු සංඛ්‍යාව 167 සිට 283 දක්වා තල්ලුකරගෙන ගියේ  හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 63 ක් රැස්කරමිනි.

චමිඳු විජේසිංහ (35) සමග එක්ව දඹුල්ල ඉනිමේ අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දුෂාන් සමත් වූ අතර චමිඳුගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලකුණු 52 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත් විය. දඹුල්ල ඉනිමේ සෙසු කඩුලු 3 යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, දිලුම් සුදීර සහ ජෙෆ්රි වැන්ඩසේ අතරේ බෙදී ගියේය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 283
(නිමේෂ් ගුණසිංහ 17, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ලසිත් අබේරත්න 68, මිනෝද් භානුක 53, චමිඳු විජේසිංහ 35, දුෂාන් හේමන්ත නොදැවී 63, නුවන් ප්‍රදීප් 52/7)

යාපනය පළමු ඉනිම - කිසිවකු නොදැවී 45
(නවෝද් පරණවිතාන නොදැවී 24)

 

දුෂාන් හේමන්ත...

 

මිනෝද් භානුක ...

 


අදහස් (0)

නුවන් ප්‍රදීප් විශිෂ්ට පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.