Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුවරඑළිය තුරඟ තරග පිටිය පැවරීම අත්හිටුවන ලෙස ඉල්ලීමක්

නුවරඑළිය තුරඟ තරග පිටිය පැවරීම අත්හිටුවන ලෙස ඉල්ලීමක්

editorial - 2023 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සතුව පවතින නුවරඑළිය තුරඟ තරග පිටිය නුවරඑළිය තුරඟ තරග ක්‍රීඩා සමාජයට පැවරීමට ගෙන තිබෙන තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ පොදු සේවක සංගමය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

අක්කර 82ක වපසරියකින් යුතු මෙම තුරග තරග ක්‍රීඩා සංකීර්ණය ජනාධිපති ලේකම් කාර්යාලයේ නියමයක් මත නුරවඑළිය තුරඟ තරග ක්‍රීඩා සමාජයක් වෙත පැවරීම සඳහා නුවරඑළිය දිසාපති වෙත පසුගිය සැප්තැම්බර් 8 වැනිදා සිට බාරදීමට කටයුතු කර ඇතැයි ද පොදු සේවක සංගමය පවසයි.

කෙසේ වුවත් ක්‍රීඩාංගණය පැවරීමට නියමිත බව කියන ක්‍රීඩා සමාජය පසුගිය වසර ගණනාවක්ම මෙම ක්‍රීඩාංගණය පරිහරණය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි හතරක් පමණ සුගතදාස අධිකාරියට ණය වී ඇතැයි සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරන පොදු සේවක සංගමය එසේ එකී ක්‍රීඩා සමාජයට ක්‍රීඩාංගණය පැවරීමක් සිදු කළහොත් එම ණය මුදල් ආපසු අයකර ගැනීමටත් අපහසුවනු ඇතැයිද පෙන්වා දේ.

පොදු සේවක සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් තමන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගෙන් මෙන්ම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද විමසීම් කළ බවත් එහිදී ක්‍රීඩාංගණය වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමට තමන් නිර්දේශ ලබා නොදෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කර සිටි බවයි. මෙම තත්ත්වය මත එහි මෙතෙක් අධිකාරිය යටතේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් ඉවත් කර ගනිමින් සිටින බවත් අදාල තුරග ක්‍රීඩා සමාජයෙන් ණය මුදල් නැවත අයකර ගන්නාතුරු මෙන්ම කැබිනට් අනුමැතියකින් පමණක් මෙම පැවරීමේ කටයුත්ත නිශ්චිත ක්‍රමවේදයකට අනුව සිදුකරන තෙක් නුවරඑළිය තුරඟ තරග පිටිය පැවරීමේ කටයුත්ත අත්හිටුවන ලෙසත් පොදු සේවක සංගමය ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.


අදහස් (0)

නුවරඑළිය තුරඟ තරග පිටිය පැවරීම අත්හිටුවන ලෙස ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.