Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්ට මුදලින් රුපියල් කෝටි පහක් ද ශ්‍රී ලංකා ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක් ද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගෙවීම සඳහා ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ හිමි වූ බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.
මෙම ගෙවීම් යටතේ ඔවුන්ගේ පුහුණුකරුවන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක් කෝටි හැටපන් ලක්‍ෂයක් වන (16,500,000) දිරිගැන්වීම් ත්‍යාග මුදලක් ලබාදීමට ද තීරණය වී තිබේ.
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ජාතික ක්‍රීඩා සභාව ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා ලබාදෙන ගෙවීම් යටතේ මෙම ත්‍යාග මුදල් අනුමත කර තිබෙන බවයි. ඉදිරියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිල උත්සවයකදී මෙම ත්‍යාග මුදල් ඔවුන්ට පිළිගැන්වීමට නියමිතය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.