Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කම් සටහනේ ශී‍්‍ර ලංකාව ඉහළ නගී

පදක්කම් සටහනේ ශී‍්‍ර ලංකාව ඉහළ නගී

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගෝවේ නගරයේදී මේ දින වල පැවැත්වෙන ලූසෆෝනියා කී‍්‍රඩා උළේලේ 8 වැනි දිනය වූ ඊයේ (25 වැනිදා) පැවති තරග ඉසව් වලදී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ‍්‍රී ලංකාව සමත්විය.

ඒ අනුව මෙතෙක් පැවති තරග වලදී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගෙන සිටින ශී‍්‍ර ලංකාව පදක්කම් සටහනේ 3 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

පිරිමි මීටර් 400 × 4 තරගයට සහභාගීවූ ශී‍්‍ර ලංකා සහය දිවීමේ කණ්ඩායම එහි රන් පදක්කම දිනාගැනීමට සමත්වූ අතර චමල් පුංචිහේවා, හසිත් නිර්මාල්, ඉඳුනිල් මදුෂාන් සහ ජගත් ගුණතිලක යන කී‍්‍රඩකයෝ එම කණ්ඩායම නියෝජනය කළහ.

ධනුෂිකා ලලින්ද්‍රි, ඉෂාරා මදුෂානි, නිලූකා දුෂාන්ති සහ උපමාලිකා රත්නකුමාරි යන කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විත වූ ශී‍්‍ර ලංකා සහය දිවීමේ කණ්ඩායම කාන්තා මීටර් 400 × 4 තරගයේ දෙවැනි ස්ථානය දිනාගනිමින් ශී‍්‍ර ලංකාවට එකම රිදී පදක්කමක් දිනා දුන්නේය.

මීටර් 400 කඩුලූ පැන දිවීමේ කාන්තා සහ පිරිමි තරග ඉසව් දෙකේම ලෝකඩ පදක්කම් ශ‍්‍රී ලංකාව සතුවූ අතර පිරිමි තරගයේදී නන්දන ජගත් විසින්ද, කාන්තා තරගයේදී නිලූකා දුෂාන්ති විසින්ද එම පදක්කම් දිනාගන්නා ලදහ. මීටර් 200 තරගයට සහභාගීවූ ධනුෂිකා ලලින්ද්‍රි එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූවාය.

 


අදහස් (0)

පදක්කම් සටහනේ ශී‍්‍ර ලංකාව ඉහළ නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.