Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කම් 3 ක බලාපොරොත්තුවක්

පදක්කම් 3 ක බලාපොරොත්තුවක්

editorial - 2021 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජපානයේ ‘ටෝකියෝ’ නුවරදී ආරම්භවූ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩයම අවම වශයෙන් පදක්කම් 3 ක් වත් බලාපොරොත්තු වන බව ජාතික පැරලිම්පික් කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා ලංකාදීපයට පැවැසීය. ටෝකියෝ පැරලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකුගේ කණ්ඩායමක් සහභාගි වී සිටියි. ඔවුන් සියළුදෙනාම ටෝකියෝ නුවර පැරලිම්පික් ගම්මානයේ පුහුණුවීම්වල නිරතවෙමින් සිටිති.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හෙට (27 වැනිදා) සිට තරග බිමට පිවිසෙති.  දුන්නෙන් විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර, ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි හා රෝදපුටු ටෙනිස් ක්‍රීඩක සුරේෂ් ධර්මසේන හෙට දිනයේ ඉසව් සඳහා තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.

සම්පත් බණ්ඩාර අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 සිට ආරම්භ වන දුන්නෙන් විදීමේ (පිරිමි-පාද ආබාධ හෝ සමතුලිතතාවය බිඳීම) යන ඉසව්වේ මුලික වටය සඳහා තරගවදියි. ඒ සඳහා ක්‍රීඩකයන් 18 දෙනකු තරගවදින අතර ඉන් අට දෙනකු එතැන් සිට පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන දෙවැනි වටයට පිවිසේ. මෙහි රන් පදක්කම සඳහා වන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 7.15 ට පමණ ආරම්භවේ.

ශ්‍රී ලංකාව පළමුවරට පැරලිම්පික් උළෙලකදී ඔරු පැදීමේ ඉසව්ව සඳහා තරග වදින්නේ හෙට දිනයේදීය. මහේෂ් ජයකොඩි එහි පළමු මූලික වටයේ තරගය සඳහා සහභාගිවීමට සූදානම්වී සිටින්නේ අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.40 ටය. මෙහි දෙවැනි වටය සහ අවසන් තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ 28 සහ 29 දිනවලදීය.

ටෙනිස්-රෝදපුටු (පිරිමි-පාද ආබාධ සහිත) ඉසව්ව සඳහා මෙවර පැරලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක සුරේෂ් ධර්මසේන හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30 සිට සිය මූලික තරග සඳහා සහභාගිවීමට සූදානම්ව සිටී.  මෙම ඉසව්වේ රන් පදක්කම් සඳහා වන අවසන් තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 3 වැනිදාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සැප්තැම්බර් 4 වැනිදා දක්වා ටෝකියෝ පැරලිම්පික් පිටියේ ගතකරමින් තරග වදියි.


අදහස් (0)

පදක්කම් 3 ක බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.