Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ හේලීස් පිල දිනවති

පන්දු යවන්නෝ හේලීස් පිල දිනවති

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (22 වැනිදා) පැවැති තරගයකදි සී.ඩි.බී. ෆිනෑන්ස් පිලට එරෙහිව ලකුණු 96 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට හේලීස් පිල සමත්විය. මෙම තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හේලීස් පිල ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 245 ක් රැස්කිරීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 99 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 74 ක් ලබාගත්තේය. විශාද් රන්දික පන්දු 43 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් ලබාගනිමින් හේලීස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.
දෑතින්ම පන්දුවෙන් දස්කම් දක්වන තරිඳු රත්නායක සිය ඕවර 10 ලකුණු 50 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය. ළහිරු මදුශංක ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය සී.ඩි.බී. ෆිනෑන්ස් පිලට ඕවර 36 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149 ක් පමණි.

සී.ඩි.බී. ෆිනෑන්ස් පිලේ ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි දමිත සිල්වා පන්දු 69 කදි හයේ සහ හතරේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 42 ක් ලබාගත්තේය.
කළණ පෙරේරා සහ කවිශ්ක අංජුල කඩුලු 3 බැගින්ද, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් ද දවාගනිමින් සී.ඩි.බී. ෆිනෑන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


හේලීස් - ඕවර 50 කදී සියලුදෙනා දැවී 245
(ඩිල්රුවන් පෙරේරා 27, නුවනිඳු ප්‍රනාන්දු 74, කිත්රුවන් විතානගේ 26, විශාද් රන්දික 44, තරිඳු රත්නායක 50/5, ළහිරු මදුශංක 35/2)

සී.ඩි.බී. ෆිනෑන්ස් - ඕවර 36 කදී සියලුදෙනා දැවී 149
(දමිත සිල්වා නොදැවී 42, තරිඳු රත්නායක 27, කළණ පෙරේරා 23/3, කවිශ්ක අංජුල 27/3, ප්‍රභාත් ජයසූරිය 36/2)

 


අදහස් (0)

පන්දු යවන්නෝ හේලීස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.