Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රූක්ස් මහතා පත්කර ඇත. මෙම පත්කිරීම ඉකුත් මාර්තු මස 7 වැනිදා සිට බල පැවැත්වේ.
දකුණු අප්‍රිවේදී පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කර ඇති රූක්ස් මහතා, ඉදිරියේදී සියලුම ජාතික කණ්ඩායම්වල සහ උසස් දස්කම් මධ්‍යස්ථානයේ පන්දු රැකීමේ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එක්වීමට පෙර රූක්ස් මහතා එංගලන්තයේ නොටිංහැම්ෂයර් ප්‍රන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කළේය.
ඔහුගේ පත්කිරීමට අමතරව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ වයස 19 න් පහළ කණ්ඩායම සඳහාද අලුත් පුහුණුකරුවන් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව අවිෂ්ක ගුණවර්ධන මහතා ‘ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, රුවන් කල්පගේ මහතා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, ජෙහාන් මුබාරක් මහතා වයස 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් පත්කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම
ප්‍රධාන පුහුණුකරු - අවිෂ්ක ගුණවර්ධන මහතා
සහාය පුහුණුකරු - තිලින කණ්ඩම්බි මහතා
පිතිහරඹ පුහුණුකරු - මලින්ද වර්ණපුර මහතා
පන්දු යැවීමේ පුහුණුකරු - සජීව වීරසිංහ මහතා
පන්දු රැකීමේ පුහුණුකරු - උපුල් චන්දන මහතා
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම
ප්‍රධාන පුහුණුකරු - රුවන් කල්පගේ මහතා
සහාය පුහුණුකරු - රුවින් පීරිස් මහතා
පිතිහරඹ පුහුණුකරු - ධම්මික සුදර්ෂණ මහතා
පන්දු යැවීමේ පුහුණුකරු - දර්ශන ගමගේ මහතා
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම
ප්‍රධාන පුහුණුකරු - ජෙහාන් මුබාරක් මහතා
සහාය පුහුණුකරු / පිතිහරඹ පුහුණුකරු - සම්පත් පෙරේරා මහතා
පන්දු යැවීමේ පුහුණුකරු - චමිල ගමගේ මහතා
පන්දු රැකීමේ පුහුණුකරු - ගයාන් විජේකෝන් මහතා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.