Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
( ගම්පහ තිලකරත්න දිසානායක)
කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී දේශය වෙනුවෙන් දිවි පිදූ නාවික හමුදා "කමාන්ඩර් පරාක්‍රම සමරවීර" නම් අභීත රණවිරුවාණන් නමින් වැලිසර නාවික හමුදා කඳවුරෙහි ගෘහස්ථ ක්‍රීඩාගාරයක් විවෘත කෙරිණි.
තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශේෂී දායකත්වයක් දැක්වූයේය. යුද්ධය උත්සන්නව පැවති සමයේ උතුරුකරයෙහි මෙහෙයුමක් සදහා භට පිරිස් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවන්ට ආරක්ෂාව සපයමින් තිබූ " රණවිරු" නෞකාව වෙත මරාගෙන මැරෙන කොටි යාත්‍රාවකින් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයක් හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් වික්‍රමාන්විතව සටන් වදිමින් සිටියදී ජීවිතය පරිත්‍යාග කළ රණවිරු නෞකාවෙහි අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත්තේ " පරාක්‍රම සමරවීර" නම් මෙම දක්ෂ නිලධාරියාය.
නිර්භීත රණවිරුවෙකු මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි ක්‍රීඩා කණ්ඩායමේ අතිදක්ෂයෙකු මෙන්ම නිපුනත්වය සහ අධිෂ්ඨානශීලී නායකත්වයකින් පරිපූර්ණ වූ මෙම නිලධාරීයා අනුස්මරණය කිරීම පිණිස වැලිසර ගැමුණු නාවික කඳවුරු සංකීර්ණයෙහි ඉදිකළ මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය, නාවික හමුදාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සහ පරාක්‍රම සමරවීර රණවිරුවාණන්ගේ දයාබර බිරිද වන සුදර්ශනී සමරවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි. ඒ මාතෘ භූමියෙහි උත්තරීතර නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ සියලු රණවිරුවන්ට උපහාරයක් වශයෙනි.
නාවික හමුදා ක්‍රීඩක ,ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම සහ අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස වත්මන් නාවික හමුදාපති උළුගේතැන්න මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීව සිටියදී 2020.3.18 වෙනි දින ආරම්භ කළ ගෘහස්ථ ක්‍රීඩාගාරය මෙලෙස විවෘත කෙරුනු බව නාවික හමුදාව පවසයි.
මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරයෙහි වොලිබෝල්, පැසිපන්දු , බැඩ්මින්ටන්, දැල්පන්දු මෙන්ම කරාටේ, ජූඩෝ, ටයිකොන්ඩෝ , මල්ලවපොර, වූෂූ සහ කබඩි යන ක්‍රීඩාවන් සදහා පහසුකම්වලින් යුක්තය.
කොමාන්ඩර් පරාක්‍රම සමරවීර 1979.10.01 වෙනි දින කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වූ අතර පුහුණු කාලය තුල දැක්වූ දක්ෂතාවයන් නිසාම හොදම කැඩෙට් නිලධාරියාට හිමි සම්මානනීය අසිපත ද හිමිකර ගැනීමට සමත් විය. ඔහු රටවල් කිහිපයකදීම වෘත්තීය නිපුනත්වය ද ලබා තිබේ.
නාවික හමුදාව ක්‍රීඩා ක්ෂේත්‍රයේ හිනි පෙත්තට රැගෙන යාමට කටයුතු කර ඇති මෙම රණවිරුවා නාවික හමුදා රග්බි ක්‍රීඩා කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ. මාතෘ භූමිය වෙනුවෙන් සහ නාවික හමුදාවෙහි ක්‍රීඩා උන්නතිය වෙනුවෙන් සිදු කළ මෙහෙවර ගෞරවයෙන් යුතුව අනුස්මරණය කිරීම පිනිස " කොමාන්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩාංගාරය " නමින් මෙම ක්‍රීඩාගාරය, නම් කළ බව සිහිවටන ඵලකයෙන් සදහන්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.