Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා ලබාදී තිබූ තණතීරූව නියමිත ප්‍රමිතීන්ට අනුකුළ නොවූ බැවින් ක්‍රීඩාංගණය සඳහා දඬුවම් ලකුණක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ රන්ජන් මඩුගල්ල මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් සභාවට ලබාදුන් වාර්තාවක් අනුව, නවතම තණතීරුව සහ පිට්ටනියේ අධීක්ෂණ ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙම දඬුවම් ලකුණ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට නියම කර ඇත.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති මෙම ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එම තරගයේ දින 5 තුළදි කණ්ඩායම් දෙකෙහි පිතිකරුවෝ ලකුණු 1289 ක් රැස්කිරීමට සමත්වූහ.
පළමු පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7 කට ලකුණු 541 ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී සත්කාරක ශ්‍රී ලංකාව කඩුලු 8 කට ලකුණු 648 ක් රැස් කළේය. තෙවැනි ඉනිමේදී සංචාරකයන් කඩුලු 2 කට ලකුණු 100 ක් ලබාගනිමින් දින 5 ක ටෙස්ට් තරගය අවසන් කළේය.
පන්දු යවන්නන්ට තණතීරුවෙන් කිසිදු සහායක් නොලැබුණු අතර තරගය ගලා යාමේදී තණතීරුවේ කිසිදු වෙනසක් සිදු නොවීය. තරගය පුරාම තණතීරුව පිතිකරුවන්ට පමණක් යෝග්‍ය තත්ත්වයක විය.
ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ප්‍රධාන තරග තීරක මණ්ඩලයේ සාමාජිකයෙකු වන තරග තීරක රන්ජන් මඩුගලේ මහතා විසින් තරගය සදහා යොදා ගත් තණතීරුව නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක ඇති බවට තීරණය කර ඇත.
“තණතීරුවේ ස්වභාවය දින පහක් තුළ කිසිම වෙනසක් වෙලා නෑ. තරගය ඉදිරියට යනවිට පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර සමබරතාවයේ කිසිදු වෙනසක් සිදුවුනේ නෑ.
තණතීරුව පිතිහරඹයට යෝග්‍යවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තරගය පුරා ලකුණු 1289 ක් රැස් කළා. කඩුලු 17 ක් පමණක් අහිමිවූ අතර එක් කඩුල්ලකට ලකුණු 75.82 ක සාමාන්‍යයක් පවතිනවා. එය ඉතා ඉහළ අගයක්. එබැවින්, ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව මම මෙම තණතීරුව සාමාන්‍ය මට්ටමට වඩා ප්‍රමිතියෙන් අඩු බව සලකනවා” යැයි රන්ජන් මඩුගල්ලේ මහතා විසින් ලබාදුන් වාර්තාවේ සටහන්විය.
තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක ඇති බවට තීරණය කරන අවස්ථාවලදී එක් දඬුවම් ලකුණක් ප්‍රදානය කරනු ලබන අතර තණතීරුවක් දුර්වල යැයි තරග තීරකවරයා විසින් තීරණය කළහොත් දඬුවම් ලකුණු 3 ක් ද, නුසුදුසු යැයි තීරණය කළහොත් දඬුවම් ලකුණු 5ක් ද ප්‍රදානය කරනු ලැබේ. මෙම දඬුවම් ලකුණු වසර 5 ක කාලයක් සදහා වලංගු වේ.
දඬුවම් ලකුණු ප්‍රමාණය 5 දක්වා හෝ ඊට වඩා වැඩි වන විට අදාළ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් මාස 12 කට අත්හිටුවනු ලැබේ. දඬුවම් ලකුණු ප්‍රමාණය 10 ඉක්මවන විට ජාත්‍යන්තර තරග සංවිධානය කිරීම මාස 24කට අත්හිටුවනු ලැබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.