Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 18 වැනි සතිය නිමාවන විට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන ඡන්ද 11,868 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැදී සිටියි. එසේ වුවත් ගෙවී ගිය සතියේදී ඔහුට ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 362 ක් පමණි.
ඉකුත් සතියේදී (17) සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි, ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 2270 ක් එක්කර තිබේ. මේ වන විට ඔහු ලබා සිටිව මුළු ඡන්ද සංඛ්‍යාව 7676 කි.
කොළඹ නාලන්දා විදුහලේ සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ සුඛිත මනෝජ් ඡන්ද 3653 ක් සහ 3377 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 7139 සිට 7781 ක් දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 1843 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ඡන්ද 5938 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ සඳහා රත්ගම දේපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් දෙනෙක් වන සත්‍යා සංදීපනී සහ කවීෂා දිල්හාරි අතර ද්වන්ද සටනක් හටගෙන තිබේ. මේ වන විට සත්‍යා ඡන්ද 1644 ක් ලබා බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින අතර කවීෂා ඡන්ද 1032 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු ස්ථානය සඳහා පවතින පරතර ඡන්ද 612 ක් පමණි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ජේ.ඒ. හේමපාල, 18, වැල්හේන, මිනුවන්ගොඩ
2 ගෝඩන් ද සිල්වා, 51/3, ජයවීර මාවත, 2 වැනි වීදිය, ඇතුල් කෝට්ටේ
3 දෙනුවන් චමත් ගමගේ, ඒ/එෆ් 5/සී, ගුවන් හමුදා මූලස්ථානය, බොරැල්ල
4 ජේ.ඒ.ඩී. නිහාල් රණසිංහ, 53/1, හංසගිරි පාර, ගම්පහ
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.