Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු ඉනිමේ ජය ආනන්දයට

පළමු ඉනිමේ ජය ආනන්දයට

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ,  ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර ඊයේ (09 වැනිදා)  පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ආනන්ද  විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුලින්ම පන්දුවට පහරදුන් මහින්ද විද්‍යාලයීය පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ලකුණු 122 කට සියලූ දෙනා දවා ගැනීමට ඩිලන්ක සදකැන් ඇතුළු පන්දු යවන්නන් සමත්විය.

ආනන්දය වෙනුවෙන් පසිදු ඉසිර නොදැවී ශතකයක් (101) සහ සහන් ආරච්චිගේ අර්ධ ශතකයක් (51) ලබාගනිමින් කඩුලූ 6 කට ලකුණු 200 ක් ලබා ඉනිම අත්හිටුවා මහින්දයට යළි පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඊයේ දිනය නිමාවනවිට මහින්ද විද්‍යාලය දෙවනි ඉනිමට කඩුලූ 5 ක් දැවී ලකුණු 113 ක් රැස්කරගෙන සිටියේය.

මහින්ද විදුහල පළමු ඉනිම  ඕවර 65.2 කදී සියලූ දෙනා දැවී 122
(තාරුක සමරවික‍්‍රම 33, නිලන්ක ලක්සිරි 23, ඩිලන්ක සදකැන් 40/4, සහන් ආරච්චිගේ 9/2, ඉසුරු ගුණසේකර 25/2, තරන රවිදු 22/2)

ආනන්ද විදුහල පළමු ඉනිම  ඕවර 49 කදී කඩුලූ 6 ක් දැවී 200
(පසිදු ඉසිර නොදැවී 101, සහන් ආරච්චිගේ 51, පසිදු දිල්ශාන් 49/3)

මහින්ද විදුහල දෙවන ඉනිම  ඕවර 44 කදී කඩුලූ 5 ක් දැවී 113
(උදයංග චිහිරාන් 26, නිලංක ලක්සිරි නොදැවී 20, ඉසුරු ගුණසේකර 38/2)


අදහස් (0)

පළමු ඉනිමේ ජය ආනන්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.