Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු එක්දින තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට

පළමු එක්දින තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි එක්දින ශතකය ලබාගත් ඒරන් ෆින්ච්ගේ පිතිහරඹය නිසා එංගන්තයට එරෙහිව මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 6 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.

නායක මයිකල් ක්ලාක් (43) පිතිහරඹයට පිවිසීමට පෙර එංගලන්ත පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් ඒරන් ෆින්ච් (121) සහ ඬේවිඞ් වෝනර් දෙදෙනා  ඕවර 28 කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනගමින්  ඕස්ටේ‍්‍රලායානු පිල ජය මාවතට කැඳවාගෙන ආහ.

ටෙස්ට් තරගාවලිය 5-0 කින් පරාජය වූ එංගලන්ත පිල  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම හමුවේ පිට පිටම ලද හයවැනි පරාජය මෙයයි.

ඕස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භයේදීම ෆින්ච්ගේ උඩපන්දුවක් ගැරී බැලන්ස් වෙතින් ගිළිහී ගිය අතර උඩපන්දුවක් නිවැරදිව රැකගැනීමට කඩුලූ රකින්නා වූ ජොස් බට්ලර් අසමත්වීම නිසා පිටියෙන් ඉවතට යමින් සිටි ඬේවිඞ් වෝනර් නැවතත් පිතිහරඹයට කැඳවන ලදි.

වෝනර් දැවී යාමෙන් පසුව පන්දු දෙකක් තුළදී ෂේන් වොට්සන් දවාගැනීට කි‍්‍රස් ජෝර්ඞ්න් සමත් වූ නමුත් අනතුරුව එක්වූ මයිකල් ක්ලාක් සහ ෆින්ච් දෙදෙනා  ඕස්ටේ‍්‍රලියානු පිල ජයමාවතේ ඉදිරියටම ගෙන ගියහ. පන්දු 26 ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 270 කඩුලූ හයක්ද ඉතිරි කරගනිමින් ලබාගැනීමට  ඕස්ටේ‍්‍රලියානුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ගැරී බැලන්ස් (79), ඔයින් මෝගන් (50) අර්ධ ශතක ලබාගත්හ.


එංගලන්තය - ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 269
(ඉයන් බෙල් 41, ගැරී බැලන්ස් 79, ඉයන් මෝගන් 50, රවී බෝපරා 17, බෙන් ස්ටෝක්ස් 21, ජොස් බට්ලර් නොදැවී 34, ටිම් බ්‍රෙස්නන් නොදැවී 16, ක්ලින්ට් මැකේ 44/3)

ඕස්ටේ‍්‍රලියාව - ඕවර 45.4 කදී කඩුලූ 4 ක් දැවී 270
(ඒරන් ෆින්ච් 121, ඬේවිඞ් වෝනර් 65, මයිකල් ක්ලාක් 43, ජෝර්ජ් බේලි නොදැවී 17)

 


අදහස් (0)

පළමු එක්දින තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.