Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු ටෙස්ට් තරගය අතහර දමන්නලූ

පළමු ටෙස්ට් තරගය අතහර දමන්නලූ

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවකු වූ පිලිප් හියුස්ගේ අනපේක්‍ෂිත වියෝව නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර දෙසැම්බර් මුල් සතියේදී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය අතහැර දමන්න යයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු කී‍්‍රඩකයෝ ඉල්ලා සිටිති.

ෂෙෆීල්ඞ් පළිහ කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා සිඞ්නි නුවර ශාන්ත වින්සන්ට් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි පිලිප් හියුස් අද (27 වැනිදා) දහවල් අවසන් හුස්ම හෙළීය.

ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් ටෙස්ට් තරග 26 කට සහ එක්දින තරග 25 කට කී‍්‍රඩා කළ හියුස්ගේ අනපේක්‍ෂිත සමුගැනීම ලෝකය පුරා කි‍්‍රකට් ප‍්‍රජාවගේ මහත් ශෝකයටත් විමතියටත් හේතු වී තිබේ.

ලබන වසරේදී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීමට සූදානම් වන  ඕස්ටේ‍්‍රලියාවට මෙම ප‍්‍රවෘත්තිය අදහා ගැනීමට බැරි ශෝකාන්තයක් වී තිබේ.

”අපේ ජාතික කී‍්‍රඩාට අවතීර්ණ වූ තරුණයකුට අත්වූ  මේ ඉරණම අදහාගැනීමටත් බැරි කතාවක්” යයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු කඩුලූ රකින්නා මෙන්ම පිලිප්ගේ කණ්ඩායම් සගයකු වූ ඇඩම් ගිල්කි‍්‍රස්ට් පැවසීය.


අදහස් (3)

පළමු ටෙස්ට් තරගය අතහර දමන්නලූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.