Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රංශයට තරුවක් අහිමි වෙයි

ප්‍රංශයට තරුවක් අහිමි වෙයි

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශයේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන දිමිත්‍රි පායේ ආබාධයකට ලක් වීම නිසා මෙවර පාපන්දු ලෝක කුසලානය මගහැරී යා හැකි බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. දිමිත්‍රි පායේ ආබාධයට ලක්ව ඇත්තේ යුරෝපා පාපන්දු ලීග් තරගාවලියේ ඇට්ලෙටිකෝ මැඞ්රිඞ් කණ්ඩායමට එරෙහිව අවසන් තරගයට ක්‍රීඩා කරමින් සිටින අතරතුරය.

“ඔහු කණ්ඩායමේ අවසන් 23 දෙනා අතර ඉන්න කෙනෙක්. නමුත් මේ වගේ තත්ත්වයකදී සාමාන්‍යයෙන් සුවය ලැබීමට සති තුන හතරක විතර කාලයක් යනවා” යැයි ප්‍රංශ ජාතික කණ්ඩායමේ කළමණාකරු ඩිඩයර් ඩෙස්චෑම්ප්ස් පවසා සිටියේය. 

“මේ වගේ තත්ත්වයක් තුළ  ඔහුව අප නැවත යොදා ගැනීම අවදානම්. ඒ වගේම මගේ අවසන් සංචිතය ජුනි 4 වැනිදාට පෙර අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට ලබා දිය යුතුයියැයි කළමණාකරුවා වැඩි දුරටත් පවසා සිටියේය. 

අර්සනල් පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඇලෙක්සැන්ඩර් ලැකසේට්ද අමතර ක්‍රීඩකයෙකු ලෙස මෙවර සංචිතයට කැදවා ඇත. ඔහු මෙවර ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග 32 කදී ගෝල 14 ක් ලබා ගෙන ඇත. කෙසේ නමුත් දිමිත්‍රි පායේ මෙම ආබාධ තත්ත්වයත් සමඟ කණ්ඩායමට එකතු වීමට ඇති සම්භාවිතාව ඉතා අඩු තත්ත්වයක පවති. 

 

- 024
    


අදහස් (0)

ප්‍රංශයට තරුවක් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.