Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගාවලිය 26 දා සිට

ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගාවලිය 26 දා සිට

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ (මාස්ටර්ස්) ලීග් පැසිපන්දු (කාන්තා සහ පිරිමි) තරග මාලාව මෙම 26 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. මෙම තරගාවලිය කාණ්ඩ හයකින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරග මාලාවේ පිරිමි තරගාවලිය වයස 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ යන කාණ්ඩ හතරකින් පැවැත්වේ. කාන්තා තරගාවලිය වයස 35න් ඉහළ හා 40න් ඉහළ පරිදි කාණ්ඩ දෙකකින් සමන්විතය.  මෙරට පැසිපන්දු පිටියේ ජාතික තලයේ දක්ෂතා දැක්වූ හිටපු දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මෙම තරග මාලාව සඳහා සහභාගි වෙති.

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පැසිපන්දු සංගමය ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ අධීක්ෂණයෙන් තරග මාලාව සංවිධානය කරයි.

1983 සිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර සත්කාරය දරමින් සංවිධානය කෙරෙන පෑන් පැසිෆික් ප්‍රවීනයන්ගේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි කරන්නේ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පැසිපන්දු සංගමය විසිනි. සියලු වයස් කාණ්ඩ නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් 35ක් තරග මාලාව සඳහා සහභාගි වෙති.


-  223


අදහස් (0)

ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගාවලිය 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.