පාකිස්තානයේ නව පිතිහරඹ පුහුණුකරු යුනිස් ඛාන්

එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය (2022) දක්වා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක යුනිස් ඛාන් මහතා පත්කර ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
මේ වසර (2020) මුලදී එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී සහය පුහුණුකරුවකු ලෙස පාකිස්තානය කණ්ඩායම සමග එක්වූ යුනිස් ඛාන් මහතා, නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට තරගාවලියේ සිට සිය නව තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය. පාකිස්තාන කණ්ඩායම සමග සංචාරය නොකරන විට යුනිස් ඛාන් මහතා කරච්චි නුවර පිහිටි හනීෆ් මොහොමඩ් ඉහළ කාර්ය සාධන ඒකකය හා සම්බන්ධ වීමට නියමිතය. එහිදී ඔහු සිය සම කාලීනයකු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් යූසුෆ් සමග එක්ව පුහුණු කටයුතු ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටියි.
“දිගු කාලීන පදනමක් යටතේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ වසර මුලදී මට පුහුණු කාර්ය මණ්ඩලට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණ විට එය මට ලොකු ගෞරවයක් ලෙස දැනුනා. කණ්ඩායම සමග ගත කළ කාලය මම උපරිමයෙන්ම භුක්ති වින්දා. එළඹෙන නවසීලන්ත සංචාරය සාර්ථක ලෙස නිමා කිරීම සඳහා මගේ අත්දැකීම් කණ්ඩායම සමග බෙදාහදා ගන්න බලාපොරොත්තු වෙනවා.” යැයි යුනිස් ඛාන් මහතා පැවසීය.
“මගේ රාජකාරී විෂය පථය තවදුරටත් ව්‍යාප්ත වීම ගැන මම හුගක් සතුටට පත්වෙනවා. දක්ෂ යොවුන් පිතිකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගැනීම සඳහා උදව් කිරීමට මම වැඩි කැමැත්තක් දක්වනවා.” යැයි යුනිස් ඛාන් මහතා කියා සිටියේය.
“කෙසේ වෙතත්, විශිෂ්ඨත්වය ලඟා කර ගැනීම සඳහා නිශ්චිත ක්‍රියාවලියක් ඇති බවත්, අවශ්‍ය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා දැඩි වෙහෙසක්, නොපසුබට උත්සාහයක් සහ ඉවසීමක් අවශ්‍ය වන බවත්, ඒ මගින් ස්ථාවර ප්‍රතිඵල ලබා ගැනීම සඳහා යම් කාලයක් ගතවන බවත් සියලු ක්‍රීඩා ලෝලීන්ට මතක් කිරීමට මම කැමතියි” යැයිද යුනිස් ඛාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
-036