Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු ක්‍රීඩකයන් දේශපාලන අන්ධකාරයේ

පාකිස්තානු ක්‍රීඩකයන් දේශපාලන අන්ධකාරයේ

editorial - 2020 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලනයේ ගොදුරක් වීම හේතුවෙන් ඔවුන්ට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැයි පාකිස්තානු පිලේ හිටපු නායක වසිම් අක්රම් මහතා කියයි. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට සහභාගිවනු දැකීමටද තමන් කැමති බව ඔහු පැවසීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී එංගලන්ත, නවසීලන්ත, බටහිර ඉන්දීය කොදෙව් මෙන්ම ඕස්ටේ්‍රලියාව යන රටවල ක්‍රීඩකයින් වටිනා අත්දැකීම් ලබා ගන්නා බව පවසන අක්රම් මහතා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන අන්ධකාරයේ ගොදුරක් වීම හේතුවෙන් පාකිස්තාන තරුණයින්ට එය මඟ හැරී ඇතැයි කියයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය 2008 දී ආරම්භ කරන විට, රටවල් කිහිපයක ක්‍රිකට් ක්‍රීඩකයෝ එකම කණ්ඩායමේ එකට ක්‍රීඩා කරන විට ප්‍රේක්‍ෂකයෝ එය උත්සවත්ශ්‍රීයෙන් සැමරූහ. පාකිස්තානු ක්‍රීඩකයින් වන ශහිඞ් අෆ්රිඩි, ෂොයිබ් අක්තාර්, සොහෙයිල් තන්වීර් සහ උමාර් ගුල් වැනි ක්‍රීඩකයෝ පළමු අයි.පී.එල් තරගාවලියට සහභාගී වූහ.

එහෙත් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ එකම සහ අවසන් අවස්ථාව ද එය විය. ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලන අසමගිකම් හේතුවෙන් 2009 සිට අයි.පී.එල් තරගාවලියට පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය තහනම් විය.

මේ නිසා දෙරටේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ඔවුන්ගේ විස්සයි20 ලීග් තරගාවලියන් මඟ හැරී ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් කිහිපයක්ම අයි.පී.එල් තරගාවලියට තම ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අයි.පී.එල් තරගාවලියේ වර්ධනයටද හේතුවී ඇත.

“මම සැමවිටම විශ්වාස කළේ ක්‍රීඩාව දේශපාලනයට ගොදුරු නොවිය යුතුයි කියලා. එය දෙරටේම රජයන්වල විෂයයක් වන අතර ඒ සම්බන්ධව කිසිවක් කීම මට අයිති දෙයක් නෙවේ. නමුත් අයි.පී.එල් යනු ක්‍රිකට් ලෝකයේ වඩාත්ම තරඟකාරී හිමිකරුවන්ගේ තරගාවලියයි.”

“පාකිස්තානු තරුණයින්ට එහි කොටස්කරුවන් වීමට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනවා. එසේම ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තානු සුපිරි ලීගයේ ක්‍රීඩා කරනු දැකීමටත් මම කැමැත්තෙන් සිටිනවා” යැයි වසීම් අක්‍රම් මහතා පැවසීය.

බාබර් අසාම් සහ විරාට් කෝලි අතර සැසඳීම් ගැන කතා කළ අක්‍රම් මහතා, වත්මන් පාකිස්තාන නායකයා තම ඉන්දීය සගයා මෙන් නිරන්තරයෙන්ම සාර්ථකත්වයට පැමිණෙනු ඇතැයි ප්‍රාර්ථනා කළේය.

“මම කිසිම සංසන්දනයක් කිරීමට කැමති නෑ. නමුත් බාබර් අසාම් සුවිශේෂී දක්ෂතා ඇති ක්‍රීඩකයෙකු බව මම කියන්න කැමැතියි. ඔහු සියලුම තරග රටාවන්හී විශිෂ්ටත්වය පෙන්නුම් කරලා තියෙනවා. නමුත් ඔහුගේ දුර්වල තැන් හදාගනිමින් කෝලි වගේම ස්ථාවරත්වයක් ලබා ගත හැකි නම් මම ඉතා සතුටු වෙනවා.” යයිද වසිම් අක්රම් පැවසීය.

- 2079

 


අදහස් (0)

පාකිස්තානු ක්‍රීඩකයන් දේශපාලන අන්ධකාරයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.