Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වනවිට ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී 5 වන ස්ථානයේ පසුවන පාකිස්තානයේ බාබර් අසාම් නව ටෙස්ට් නායකයා ලෙස නම් කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඊසාන් මනි මහතා පසුගිය අඟහරුවාදා (10 වැනිදා) තහවුරු කළේය.
හිටපු නායක අසාර් අලී නායකත්වයට පත්වීමෙන් පසුව පාකිස්තානු කණ්ඩායමේ ප්‍රගතියක් දක්නට නොලැඹුණු අතර ඔහුගේ ලකුණු අතර නොසිටීමද මෙම නායකත්වයේ වෙනසට බලපෑවේය.
ඒ අනුව පාකිස්තානු ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම් තුනම මෙහෙයවීමේ වගකීම බාබර් අසාම්ට හිමිවනු ඇත. පසුගිය වසරේ විස්සයි20 නායකයා ලෙස පත් කරන ලද බාබර් අසාම්ව මේ වසර මුලදී එක්දින නායකයා ලෙස නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.
දෙසැම්බර් 26 සිට ජනවාරි 7 දක්වා නවසීලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට බාබර් අසාම් පාකිස්තානු කණ්ඩායම මෙහෙයවනු ඇත. කොරෝනා වයිරස් වසංගතයෙන් පසුව එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පාකිස්තානය පරාජයට පත්විය.
ටෙස්ට් නායකයා ලෙස උසස් වීම් ලැබූ බාබර් අසාම්ට සුබ පැතූම් එක්කල මනි මහතා, තවදුරටත් අසාර් අලි පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ අනිවාර්ය සාමාජිකයෙකු ලෙස රැඳී සිටින බව තහවුරු කළේය.
සිම්බාබ්වේ පිලට එරෙහිව රාවල්පින්ඩි හි පැවති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ලෙස පාකිස්තානය ජය ගැනීමෙන් පැය කිහිපයකට පසුව බාබර් අසාම්ගේ පත්වීම සිදුවිය.
ටෙස්ට් නායකයා ලෙස පත්වීමට ලැබීම ගැන මම සැබවින්ම සතුටට පත්වෙනවා. මෙම ආකෘතියෙන් පාකිස්තානයේ නායකත්වය දැරූ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමඟ එක්වීමට ලැබීම භාග්‍යයක්. සත්‍ය වශයෙන්ම ඔබ අවංකව, කැපවීමෙන් ඔබේ කොටස කළහොත් සිහින සැබෑවීම කාටවත් වලක්වන්න බෑ යැයි බාබර් අසාම් පැවසීය.
අතිරේක වගකීම භාර ගැනීමට මම සූදානම්ව සිටිනවා. මට අමතර විශ්වාසයක් ලබා දෙන කාරණය නම් මට එම කාර්යය කළ හැකි වීමයි.
අසාර් අලි පසුගිය කාල සීමාවේදී කණ්ඩායමේ නායකත්වය දැරූ ආකාරය ගැන ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒක දුෂ්කර එකක්. නමුත් මම දන්නවා ඔහු කණ්ඩායමට උපරිම දක්ෂතා ලබා දීමෙන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යයි කියලා යැයි අසාම් වැඩි දුරටත් පැවසීය.
බාබාර් අසාම්ට ටෙස්ට් නායකත්වය භාරදීමට සුදුසුම අවස්ථාව මෙය බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඊසාන් මනි මහතා පැවසීය.
බාබර් අසාම් ඉතා කුඩා අවධියේදී අනාගත නායකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුගේ දියුණුව හා සංවර්ධනය හේතුවෙන් පසුගිය වසරේදී ඔහු සිමිත ඕවර නායකයා ලෙස පත් කරන ලදී. ඔහුගේ ස්ථාවර ක්‍රියාකාරිත්වය හා නායකත්ව කුසලතාවන් සමඟ ඔහු නායකයෙකුගේ අමතර වගකීම් භාර ගැනීමට සූදානම් බව පෙන්නුම් කර තිබේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.